බස්නාහිර හැර දිවයිනේ සෙසු සියලු පළාත්වල පාසල් අධ්‍යයන කටයුතු ලබන 15 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා සදහන් කරනවා.
කාන්තා දිනය එළඹෙන 08 වෙනිදා ට යෙදී තිබෙනවා. මිට සමගාමිව බොහෝ මාධ්‍ය විවිධ වැඩ සටහන් සංවිධානය කරන අතරවාරයේ ඉකුත් දා වාර්තා වුණු අපරාධය පිලිබදව බොහෝ විට කාන්තාවන් දැඩි කම්පනයකට ලක්ව තිබෙන පසුබිමක එම සිදුවීම මුල් කරගෙන බොහෝ පුද්ගලයින් කාන්තාවන් සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසයට ලක් කරමින් කටයුතු කරන බවක් දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය වල පළවන […]
එක එක රටවල් එක එක විදියට තමයි මේ ලැම්බෝ ගිනි නම් වචනය උච්චාරණය කරන්නේ. සුපිරි ඉතාලියානු නිෂ්පාදනයක් ලැම්බෝ ගිනි සන්නාමයට එක් කර ඇති තවත් නමක් තමයි ලැම්බෝ ගිනි හුරාකාන් කියන්නේ. ඒ නම් ලැබී ඇත්තේ ස්පාඤඤයේ තියෙන ක්‍රීඩාවක් වන බුල් ෆයිටින් නම් ක්‍රීඩාවට භාවිතා කරන විශාල ගවයින් අතර පෙරමුණේ සිටින හුරාකාන් නම් වේගවත් ගවයා ගේ නම් […]
වේල්ල වීදිය ප්‍රදේශයේ දී ගමන් බෑගයක දමා තිබියදී සොයාගත් හිස නොමැති කාන්තා මළ සිරුර කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ බවට පොලිසිය විසින් සිදුකළ විමර්ෂණවලදී හෙළිව තිබෙනවා. ලබා ගත් සි.සි.ටීවී දර්ශන ඔස්සේ ලබාගත් තොරතුරුවලට අනුව වැඩිදුරටත් විමර්ශන සිදුකළ පොලීසිය බෑගය රැගෙන යන පුද්ගලයා කාන්තාවක් සමග හංවැල්ල ප්‍රදේශයේ ලැගුම්හලකට ගමන් ගන්නා ආකාරය දැක්වෙන අතර […]
යාපනය අච්චුවේලි ප්‍රදේශයේ දී පුත්‍රයෙක් විසින් සිදු කල පහර දීමකදී පියා මිය ගොස් තිබෙනවා. 64 හැවිරිදි වියේ පසුවන පියාට ඊයේ රාත්‍රියේ දී මෙලෙස මානසික අබාධයකින් පෙලෙන පුත්‍රයා විසින් පහර දී ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධිය පිලිබදව පරීක්ෂණ ක්‍රියාත්මකයි.
බස්නාහිර හැර දිවයිනේ සෙසු සියලු පළාත්වල පාසල් අධ්‍යයන කටයුතු ලබන 15 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා සදහන් කරනවා.
බදුල්ල මහ රෝහලේ පිළිකා වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොවිඩ් ආසාදනය වූ බවට හඳුනාගත් රෝගීයෙකු ඊයේ රාත්‍රීයේ ජීවිතක්ෂකයට පත්ව තිබෙනවා. මෙසේ මරණයට පත්ව ඇත්තේ පස්සර, යූරි වත්තේ පදිංචිව සිටි 62 හැවිරිදි පුද්ගලයෙක් බවයි සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ.
බුත්තල පැල්වත්ත ප්‍රදේශයේ ඊයේ සිදු වූ මාරක රිය අනතුරකින් 23 හැවිරිදි තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. අධික වේගයෙන් ධාවනය කෙරුණු මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන අසල ගසක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයින් තිදෙනෙකු මෝටර් රථයේ ගමන් කර ඇති අතර දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
ගිනියාවේ ප්‍රධාන නගරය වන බාටා හි සිදුවූ පිපිරිම් මාලාවකින් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. බාටා නගරයේ හමුදා බැරක්කයක් අසල මෙම පිපිරීම් සිදුව තිබෙන අතර ඊට හේතු වශයෙන් සදහන් වන්නේ බැරැක්ක තුළ ඩයිනමයිට් ගබඩාකර තිබීම පැවසෙනවා.
ජාත්‍යන්තර කාන්තා දින ආශිර්වාද පූජාව අගමැති ප්‍රධානත්වයෙන් ඊයේ දින කැලණිය රජ මහා විහාරයේදි පවත්වනු ලැබූවා.
කොරෝනා ආසාදිත විසි එක් හැවිරිදි තරුණයෙකු මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඊයේ රාත්‍රී 9 ට පමණ එම රෝහලෙන් පළා ගොස් තිබෙනවා. මෙලෙස පළා ගොස් ඇත්තේ කන්තලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අදාළ පුද්ගලයා සොයා මෙහෙයුම් මේ වන විට ආරම්භ කර තිබෙනවා.
වයස අවුරදු 60 ට වැඩි පුද්ගලයින්ට කොවිෂිල්ඩ් එන්නත අද සිට ලබා දෙන බව විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සදහන් කරනවා. කොවැක්ස් පහසුකම යටතේ මෙරටට නොමිලේ එන්නත් මාත්‍රා දෙලක්ෂ හැට හතරදහසක් ප්රදානය කෙරුණා. ඊයේ දිනයේ එම එන්නත් තොගය මෙරටට ගෙන එනු ලැබූවා.
බස්නාහිර පළාත තුල ඊයේ දිනයේ සිදු කරනු ලැබූ විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් පුද්ගලයින් 1158ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සදහන් කරනවා. එම පිරිස අතර අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 44ක් වරෙන්තුකරුවන් 584ක්, දූෂණ වැරදි සම්බන්ධයෙන් 441ක් සිටින බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
ඊයේ දිනයේ මෙරට තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 500 සිමාව ඉක්මවා ගිය අතර එය සටහන් වන්නේ 502 ක් ලෙසයි.
මෙරට සමාජය ස්ත්‍රිය දියණියක, සහෝදරියක, බිරිදක, මවක සහ ගෘහණියක ලෙස ඇගේ භූමිකාව අතීතයේ සිට ගෞරව බුහුමනින් යුතුව අගය කළේය යනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා. එමෙන්ම ලෝකයේ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් එක් දිනයක් සැමරීමට ලක් වුවද සෑම මොහොතක්ම කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් වෙන්විය යුතු බව සදහන් කරමින් කාන්තා දිනයට සුභාශිංසන එක් කරම්න් අගමැතිවරයාද […]
සෑම වසරකම මාර්තු මස 08 වනදාට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය අදයි. මෙවර ජත්‍යන්තර කාන්තා දිනයේ තේමාව නායකත්වයේ කාන්තාවන්: COVID-19 ලෝකයක සමාන අනාගතයක් අත්කර ගැනීම යන්නයි. සියවසකට අධික කාලයක් පුරා ලොව පුරා සැමරෙන මෙම කාන්තා දිනය එක්සත් ජාතීන්ගේ පිළිගත් වාර්ෂික උත්සවයක් වශයෙන් ජාත්‍යන්තර කාන්තා දිනය දක්වා වර්ධනය වූයේ, කම්කරු ව්‍යාපාරය හරහාය. එහි මූලාරම්භය ඇති වූයේ, […]
මධ්‍යම,සබරගමුව, දකුණු, වයඹ සහ බස්නාහිර පළාත්වල සවස 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසිද ඇතිවේ. නැගෙනහිර සහ ඌව පළාත්වල උදෑසන කාලයේදීත් වැසිවාර කිහිපයක් ඇතිවියහැක. මධ්‍යම,සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවියහැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවියහැකි […]