නාය යාමේ අවදානම තවදුරටත් දීර්ඝ කරයි « Siyatha 24
Generic placeholder image


Oct
23

නාය යාමේ අවදානම තවදුරටත් දීර්ඝ කරයි

122 Views


Generic placeholder image

රත්නපුර, කෑගල්ල, කළුතර සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලට පැනවූ නාය යාමේ අවදානම ඉදිරි පැය 24 සඳහා තවදුරටත් දීර්ඝ කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කර තිබෙනවා.

මේ අතර කැළණි, කළු ගංඟා සහ අත්තනගලු ඔයේ ජල මට්ටම මේ වනවිට පහත බසිමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළා.

කෙසේ වෙතත් අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයේදී සුළු ගං වතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇතැයිද වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.


Siyatha Videos
Most Popular