පැෆරල් සංවිධානයෙන් ඉල්ලීමක් « Siyatha 24
Generic placeholder image



Nov
13

පැෆරල් සංවිධානයෙන් ඉල්ලීමක්

262 Views


Generic placeholder image

ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් අනතුරුව එළඹෙන නිහඬ කාල සීමාව තුළ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ අපේක්ෂකයින් ප්‍රවර්ධනය කරමින් සිදුවන ප්‍රචාරක කටයුතු නතර කිරීමට පියවර ගන්නා ලෙස පැෆ්රල් සංවිධානය ෆේස්බුක් ආයතනයෙන් ඉල්ලීමක් සිදුකරනවා..

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ ලිඛිතව අදාල ඉල්ලීම සිදු කිරීමට පියවර ගත් බවයි. ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිත අතර ඒ අනුව අද මධ්‍යම රාත්‍රියෙන් පසු වක්‍ර ආකාරයෙන් හෝ අපේක්ෂකයින් ප්‍රවර්ධනය වන ආකාරයේ කටයුතුවල නිරත වීමෙන් වැලකි සිටින ලෙස සියළු පාර්ශවවලින් ඉල්ලීමක් කරන බවයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ.






News Articles
Siyatha Videos
Most Popular