මැයි 20 රජයේ නිවාඩු දිනයක් කරයි « Siyatha 24
Generic placeholder image

May
15

මැයි 20 රජයේ නිවාඩු දිනයක් කරයි

1239 Views


Generic placeholder image

මැයි මස 20 වන සඳුඳා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කර තිබෙනවා.

අද ගාල්ලේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මේ බව පවසා තිබුනා.

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය සෙනසුරාදා යෙදී තිබීමත් පොහොයට පසු දින නිවාඩු දිනය ඉරිදා දිනයක් වීමත් හේතුවෙන් මැයි මස 20 වන දින මෙලෙස රජයේ නිවාඩු දිනයක් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම තීරණය ගෙන තිබෙනවා.

බුදු රජාණන් වහන්සේගේ තෙමඟුල සමරමින් ආගමික කටයුතුවල යෙදීමටත් ජාතික වෙසක් උත්සවයට සමගාමීව සියලුම බෞද්ධ විහාරස්ථාන ඇතුළු රටපුරා පැවැත්වෙන වෙසක් උත්සව වඩාත් සාර්ථකව පවත්වා ගෙන යෑමේ අවස්ථාව සඳහා මෙම තීරණය ගෙන ඇත.


Siyatha Videos
Modara Bambaru
Sanda Eliya
Ape Adare
Most Popular