මුලතිව්හි හමුදා රථයක් පෙරළී හමුදා සෙබලෙක් මරුට – 8කට තුවාල « Siyatha 24
Generic placeholder image

Jul
14

මුලතිව්හි හමුදා රථයක් පෙරළී හමුදා සෙබලෙක් මරුට – 8කට තුවාල

97 Views


Generic placeholder image

මුලතිව් කේපාපිලව් ප්‍රදේශයේදී අද (14) යුද හමුදා රථයක් පෙරළී යාමෙන් එක් හමුදා භටයෙකු මියගොස් තවත් අට දෙනෙකු තුවාල ලබා තිබෙන බව වාර්තා වෙනවා.මියගිය හමුදා සාමාජිකයා තුවාල ලබා මුලතිව් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති අතර තුවාලකරුවන් අට දෙනාගෙන් හතර දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද අනෙක් හතර දෙනා සාමාන්‍ය තත්ත්වයෙන් පසුවන බව වාර්තා වෙනවා.

එමෙන්ම මෙම අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මුලතිව් පොලීසිය හා යුද හමුදා පොලීසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ සිදු කරනවා.


Siyatha Videos
Modara Bambaru
Most Popular