මුහුදේ ගැඹුරුම තැනත් කැලි කසල « Siyatha 24
Generic placeholder image



May
15

මුහුදේ ගැඹුරුම තැනත් කැලි කසල

582 Views


Generic placeholder image

ලෝක ඉතිහාසයේ සිදූකෙරුණු ගැඹුරුතම මානව කිමිදූමේ දී මුහුදූ පත්ලේ තැන්පත්ව තිබී කසල දැකගැනීමට හැකිවූ බවට අමෙරිකා ගවේෂකයින් පිරිසක් අනාවරණය කර තිබෙනවා.

ලොව ගැඹූරුම ස්ථානය ලෙසින් සැලකෙන පැසිෆික් සාගරයේ පිහිටි මරියානා ආගාධයේ මීටර් 10 928 ක් ගැඹුරේ කිමිදීමට අමෙරිකානු සාගර ගවේෂකයන් පිරිසක් පසුගියදා සමත්වුණා.

මිනිසුන් සහිත සබ්මැරීනයක් යොදාගෙන සිදූකෙරුණු ගවේෂණයේ දී සාගර පත්ලේ තිබී කසල දැකගැනීමට හැකිවූ බවයි ගවේෂකයින් පිරිස සඳහන් කළේ මිනිසා විසින් මෙතෙක් සාගරයේ මෙතරම් ගැඹුරක් දක්වා ගමන් කර තිබුණේ නැති බවයි.

මෙතෙක් ගවේ්ශනය කළ ගැඹුරුම ස්ථානයේ කසල තැන්පත්ව තිබීම මගින් මිනිසා විසින් පරිසරයට සිදූකර ඇති හානියේ බරපතල බව මනාව පැහැදිළි වන බවයි එම විද්‍යාඥයින් සඳහන් කළේ.

වර්තමානය වනවිට ටොන් මිලියන 100 කට අධික බරින් යුත් කසල සාගරය වෙත අත්හැර දමා ඇති අතර ඉන් වැඩි කොටස ප්ලාස්ටික් අපද්‍රව්‍ය බවට හදූනාගෙන තිබෙනවා.

සාගර අපද්‍රව්‍ය බැහැරකළ හැකි ස්ථානයක් ලෙස බොහෝ දෙනා සැලකුවත් එය එසේ නොවන බවත්, අවබෝධයක් නොමැතිව මෙසේ දිගින් දිගටම සාගර දූෂණය කිරීමට ඉඩදිමෙන් අනාගතයේදි මහත් විනාශයක් සිදූවිය හැකි බවයි පරිසර වේදින් සඳහන් කළා.

මේ අතර ලෝක ප්‍රකට ඩිස්කවරි නාලිකාව වෙනුවෙන් වාර්තාමය වැඩසටහනක් නිර්මාණය කිරීමද ඒ අතරතුර සිදූවිය.

පැය 4කට ආසන්න කාලයක් තිස්සේ සාගර පත්ලේ නිරීක්ෂණ කටයුතු සිදූකෙරුණු අතර එහිදි මෙතෙක් හදූනාගෙන නොතිබුණු ජීවී විශේෂ කිහිපයක් සොයාගැනීමටත් හැකිවූ බව එම පර්යේෂණ කණ්ඩායම මෙහෙයවූ නාවික නිලධාරියා පැවසුවේය.

උකුස්සෙකුගේ ස්වභාවය ගත් දිගු පාද ඇති ඇන්ත්‍රොපෝඩාවෙක් මෙහි§ හදූනාගෙන අතර එම සත්ත්වයා මුහුදූ කැකිරියකුට සමාන පෙනුමෙන් යුතුබවද සඳහන් වෙයි.






News Articles
Siyatha Videos
Most Popular