ලෝකයේ මිල අධිකම කෑම මෙන්න « Siyatha 24
Generic placeholder image


Oct
10

ලෝකයේ මිල අධිකම කෑම මෙන්න

243 Views


Generic placeholder image

අපි කැමතියි අලුත් අලුත් කෑම වර්ග අත්හදා බලන්න. අපි දන්න ආහාර විශාල ප‍්‍රමාණයක් තිබෙනවා. එහෙත් ලොව මිල අධිකම ආහාර 10 ගැන ඔබ දන්නවද? මෙන්න මේ ආහාර තමයි ලොව මිල අධිකම ආහාර වන්නේ.

1. Matsutake Mushrooms

මේ හතු වර්ගය ඉතා දුර්ලභ බැවින් එහි ප්‍රතිඵලයක් ලෙස මේ වර්ගයේ හතු කිලෝ ග්රෑම් එකක මිල මේ වන විට ඩොලර් 1000ක් පමණ වනවා. මෙම හතු වර්ගය ප්‍රධාන වශයෙන්ම හට ගන්නේ ජපානයේ වන අතර, ඇතැම් ආසියානු රටවලත් දැක ගන්න පුළුවන්. කෘමි සහ පරපෝෂිත ශාක ආක්‍රමණය නිසා මේ හතු වර්ගය ලෝකයෙන් වඳ වෙමින් පවතිනවා.

2. Kopi Luwak Coffee

ලොව මිල අධිකම කෝපි වර්ගයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. මෙම කෝපි කිලෝ ග්‍රෑමයක මිල ඩොලර් 750ක් පමණ වනවා. එක කෝපි කෝප්පයක මිල ඩොලර් 50ක් පමණ වනවා. මෙම කොපි වර්ගය නිපදවන්නේ ඉන්දුනීසියාවෙයි. මේ කෝපි මෙතරම් මිල අධික වුවත්, මෙය සකස් කරන ආකාරය ඇසුවොත් නම් ඔබ පුදුමයට පත් වේවි. උරුලෑවන් විසින් කෝපි ඇට කා දමා, දමන අසූචි වලින් මෙම ලුවාක් කෝපි වර්ගය සකසන අතර උරුලෑවාගේ කුසේදි අඩක් ජීර්ණය වීම හේතුවෙන් මේ කෝපි වලට සුවිශේෂී රසයක් ලැබෙන බව කියවෙනවා.

 

3. White Pearl Albino Caviar

මේ අතිශය දුර්ලභ ගනයේ ඇලි (සුදු පැහැති) මත්ස්‍ය වර්ගයකගේ බිත්තරයි. මේවායේ රසය සහ පෙනුම අති විශේෂයි. සුදු පැහැයේ සිට දිදුලන රත්රන් පැහැය දක්වා මේවා දක්නට තිබෙනවා. මේවා කිලෝ ග්‍රෑමයක මිල $300,000ක් වනවා.

4. Nest Soup

මේ අරුම පුදුම සුප් එක හදන්නේ කුරුළු කුඩුවකින්. ආහාර සඳහා මෙම කුරුළු කූඩු කර්මාන්තය චීනය සහ ඉන්දුනීසියාව යන රට වල ප්‍රචලිතයි. කුරුළු කූඩු රාත්තලක මිල ඩොලර් 3,000ක් පමණ වනවා.

5. Saffron

සැෆ්රන් කියන්නේ මල් වර්ගයකින් ලබා ගන්නා කුළුබඩු විශේෂයක්. මෙම මල් වර්ගය රූපලාවන්‍ය කටයුතු සඳහාත් යොදා ගන්නවා. මේවා වැවෙන්නේ වසරකට දින හතක තුල පමණක් බව කියවෙනවා. සැෆ්රන් කිලෝ එකක් සැකසීමට මල් 300,000ක් පමණ අවශ්‍යයි. එහි ප්‍රතිඵලයක් ලෙස මේවායේ වටිනාකම ප්‍රමිතිය අනුව ඩොලර් 500 සිට 5000 දක්වා වනවා.

6. Ayam Cemani Black Chicken

මේ කුකුල් මස් වර්ගයක්. මෙහි විශේෂත්වයන් රැසක් තිබෙනවා. මේ කුකුලන්ව නිර්මාණය කෙරෙන්නේ ජාන තාක්ෂණය අනුව. මේ කුකුලන්ගේ ශරීරය, පිහාටු, හොට සහ ඇතුලත ඉන්ද්‍රියයන් සියල්ලම කළු පැහැති වීම විශේෂත්වයක්. මෙම කුකුලෙකුගේ මිල ඩොලර් 200ක් පමණ වනවා.

7. Japanese Wagyu Steaks

මේ ජපානයේ ජිවත් වන Wagyu නමැති ගව වර්ගයේ මස්. මේ මස් රාත්තලක මිල ඩොලර් 109.09 පමණ වනවා. ජාන තාක්ෂණය විසින් මේ ගව වර්ගයේ අසංතෘප්ත මේදය වැඩි කර තිබෙනවා.

8. Dry-Cured Iberian Ham

ලෝකයේ මිල අධිකම ඌරු මස් වර්ගයක් වන මේවා නිපදවන්නේ ස්පාඤ්ඤයේයි. මේ මස් කිලෝ ග්‍රෑමයක මිල ඩොලර් 392ක් පමණ වනවා.

9. Moose Cheese

මෙම චීස් වර්ගය නිපදවන්නේ ගෝන කිරි වලින්. මෙම චීස් රාත්තලක මිල ඩොලර් 455ක් පමණ වනවා.

10. Stephan Brusche ගේ නිර්මානාත්මක කෙසෙල්

සාමාන්‍ය කෙසෙල් ගෙඩියක වටිනාකම වැඩි කරන අපුරු පුද්ගලයෙක් තමයි Stephan Brusche කියන්නේ. ඔහු කෙසෙල් ගෙඩියේ පොත්ත භාවිතා කරලා හරි අපූරු නිර්මාණ කරනවා. කෙසෙල් ගෙඩිය රස විඳින්න කලින්, පොත්තේ සුන්දරත්වය රසවිඳින්න පාරිභෝගිකයාට ලැබෙනවා. මේ කෙසෙල් ගෙඩියක මිල සාමාන්‍ය වශයෙන් ඩොලර් 3000ක් පමණ වනවා.

 

උපුටා ගැනීම – මුහුණු පොතෙන්

 

 


Siyatha Videos
Most Popular