හෙට ශී‍්‍ර ලංකා කණ්ඩායම නව පෙනුමකින් පිටියට « Siyatha 24
Generic placeholder image


Aug
13

හෙට ශී‍්‍ර ලංකා කණ්ඩායම නව පෙනුමකින් පිටියට

3178 Views


Generic placeholder image

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම නව පෙනුමකින් හෙට(14) දිනයේ පිටියට පිවිසෙන බව සදහන්.

මෙම ටෙස්ට් තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිඩකයින්ගේ ඇඳුමෙහි පිටුපස අංකයක් ප්‍රදර්ශනය කරන අතර එය පළමුවරට අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේදී හඳුන්වා දුන්නා.

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය හෙට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී ආරම්භ වනවා.

මෙම තරඟාවලිය පැවැත්වෙන්නේ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල ටෙස්ට් ක්‍රිකට් ශුරතාවලිය යටතේයි.දෙරට අතර අවසන් වරට 2018 දෙසැම්බර් පැවැති ටෙස්ට් තරඟයේදී ලකුණු 423කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වූ අතර අවසන්වරට නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරඟයක් ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ජයගෙන ඇත්තේ 2012 වසරේදීයි.

මේ අතර පසුගිය දකුණු අප්‍රිකානු සංචාරයට ක්‍රිඩා නොකළ ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කර තිබෙනවා.






Siyatha Videos
Most Popular