අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව සභාවට ඉදිරිපත් කිරීම ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් සිදුකර තිබෙනවා. මේ අතර විජිත හේරත් එය ස්ථිර කල අතර පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවීමට අදාළ යෝජනාව සම්මත වී තිබෙනවා. කතානායක වරයා සඳහන් කළේ යෝජනාවට ඡන්ද විමසිමක් පවත්වන බවයි.
ඉන් පසුව පාර්ලිමේන්තුවේ ඇති වූ දැඩි නොසන්සුන්කාරී තතත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10 දක්වා කල් තැබිමට කතානායක කරු ජයසූරිය මහතා තීරණය කළේය.