News Line| Off Air| Games
Generic placeholder image

Sep
19

අද මධ්‍යම රාත‍්‍රීයේ සිට දුම්රිය රියදුරන් ඇතුලූ වෘත්තීය සමිති කිහිපයක් අකුරට වැඩ

965 Views


අද මධ්‍යම රාත‍්‍රීයේ සිට දුම්රිය රියදුරන් ඇතුලූ වෘත්තීය සමිති කිහිපයක් අකුරට වැඩ

අද මධ්‍යම රාත‍්‍රීයේ සිට දුම්රිය රියදුරන් ඇතුලූ වෘත්තීය සමිති කිහිපයක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක‍්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ දුම්රිය සේවයේ පවතින වැටුප් සහ ශ්‍රේණි ගැටලූව සදහා නිසි විසදුම් ලබානොදීමට විරෝධය පළ කරමින්.

ගැටලූවට විසදුම් ලබාදෙමින් 2018 වසරේදී කැබිනට් පත‍්‍රිකාවක් අනුමත කර තිබෙනවා.

කෙසේවෙතත් මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශ පරිදි එය ක‍්‍රියාත්මක කිරීම අත්හිටුවා ඇති බවයි දුම්රිය වෘත්තීය සමිති සදහන් කළේ.

අදාළ කැබිනට් පත‍්‍රිකාව ක‍්‍රියාත්මක කර ගැනීම සදහා මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගයේ නිරත වීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

සිය ගැටලූව සදහා විසදුමක් ලබාදීමට බළධාරීන් අපොහොසත්වුවහොත් ලබන අගහරුවාදා මධ්‍යම රාත‍්‍රීයේ සිට වර්ජනයක් ආරම්භ කරන බවයි දුම්රිය නියාමක සංගමයේ උප ලේකම් නිරෝෂන් හේරත් මහතා සදහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post