ඉල්ලීමක් කළහොත් යලි අමාත්‍ය ධුරයේ වගකීම් භාරගැනීමට සූදානම් බව කබීර් හෂිම් මන්ත්‍රීවරයා පවසන අතර තමා ඇතුළු මුස්ලිම් දේශපාලනිකයින් සිය ධුර වලින් ඉල්ලා අස්විමට තිරණය කළේ රට ගැන සිතමින් බවයි ඔහු කියා සිටියේ.
අස්ගිරි සහ මල්වතු මහනාහිමිවරුන් බැහැදැකිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කබීර් හෂිම් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.
එහිදි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් අපෙක්ෂකයෙක් ඉදරිපත් කරන බවත් ඒ සඳහා එක්සත් ජාතික පෙරමුණට උදව් කළ හැකි බවත් ඔහු තවදුරටත් පැවසුවා.