News Line| Off Air| Games
Generic placeholder image

Apr
25

ඉස්ලාම අන්තවාදීන් ලංකාවේ රාජ්‍ය ආයතන වල

616 Views


ඉස්ලාම අන්තවාදීන් ලංකාවේ රාජ්‍ය ආයතන වල

ඉස්ලාම් අන්තවාදීන් ශ්‍රී ලංකාවේ ඇතැම් මාධ‍ය ආයතන වල සේවය කරන බව ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් සේවාව පවසනවා.ඒ පිළිබඳ පළමුව අනාවරණ කර ඇත්තේ 2010 වසරේ සැප්තැම්බර් මාසයේදී බවයි පැවසෙන්නේ. 2010 වසරේදී ඔවුන් නිකුත් කළ පළමු වාර්තාවට අනුව 2025 වනවිට වහබ්වාදය වඩාත් දරුණු ලෙස පැතිර යනු ඇති බවද පෙන්වා දී තිබෙනවා. ඒ තුලින් දක්වා ඇත්තේ වහබ්වාදී ධර්මය මෙරට තුළ ව්‍යාප්ත කිරීම ඔවුන්ගේ අරමුණ බවයි. වහබ්වාදය ලොවපුරා ප‍්‍රචාරය කිරීම සඳහා වසරකට අමෙරිකානු ඩොලර් බිලියන 87ක පමණ මුදලක් වැය කරන බවටද තොරතුරු පවතිනවා. මෙම අන්තවාදය ප‍්‍රචලිත කරන්නන් මෙරට දිළිඳු මුස්ලිම් ජනතාවට මූල්‍යමය ආධාර සිදු කර ඇති අතර තරුණයින්ට ශිෂ්‍යත්ව පවා ලබාදී ඇති බවටයි පැවසෙන්නේ.

මේ අතර අන්තවාදීන් සිදු කරන ක‍්‍රියා සම්බන්ධයෙන් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ද ඊයේ දිනයේදී විශේෂ අනාවරණයක් සිදු කළා.

එහිදී කියා සිටියේ “අද නැගෙනහිර ශරියා විශ්ව විද්‍යාලයක් ආරම්භ කරලා තියෙනවා. ඒ විශ්ව විද්‍යාලවල උපදෙස් දෙන්නේ ඔක්කෝම විදේශිකයෝ. අපි නොදන්නා විෂයන් සහ අපි නොදන්නා කරුණු ගැන. අවසානයේ අපි දන්නා දේ තමයි මොළ සෝදනවා.. ” යනුවෙනි.


News Articles
Latest Videos
Most Popular Post