News Line| Off Air| Games
Generic placeholder image

Mar
26

උඩප්පුව මුහුදෙන් බීඩී කොළ කිලෝ 1 232 ක් සොයාගනියි

488 Views


උඩප්පුව මුහුදෙන් බීඩී කොළ කිලෝ 1 232 ක් සොයාගනියි

උඩප්පුව මුහුදු ප්‍රදේශයේ දී බීඩී කොළ කිලෝ 1 232 ක් සොයා ගෙන තිබෙනවා. නාවික හමුදාව සදහන් කලේ ක්ෂ‚ක ක්‍රියාකාරි යාත්‍රා බලඝණයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් උඩප්පුව මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී මුහුදේ පාවෙමින් තිබූ මෙම බීඩි කොළ තොගය සොයා ගත් බවයි.

මෙම බීඩී කොළ තොගය පාර්සල් 35 ක අසුරා තිබුණා.නීති විරෝධී අන්දමින් මෙරටට රැගෙන ඒම සඳහා එම බීඩි කොළ මුහුදේ පා කර ඇති බවට සැක කරන බවයි නාවික හමුදාව සදහන් කලේ.

අත්අඩංගුවට ගත් බීඩී කොළ තොගය ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා සින්නපාඩු, රේගු කාර්යාලය වෙත භාර දී තිබෙනවා. මේ වසරේ ගත වූ කාල සීමාව තුළ පමණක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කල බීඩී කොළ කිලෝග්‍රෑම් 7000 කට අධික ප්‍රමාණයක් නාවික හමුදා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති අතර, ඉදිරියේදී ද මෙවැනි නීති විරෝධී ජාවාරම් මැඩපැවැත්විමට නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරමින් සිටි.


News Articles
Latest Videos
Most Popular Post