News Line| Off Air| Games
Generic placeholder image

Sep
20

උසස් පෙළ විභාගයේ ප‍්‍රායෝගික පරීක්ෂණ ලබන 24 වනදා සිට

992 Views


උසස් පෙළ විභාගයේ  ප‍්‍රායෝගික පරීක්ෂණ ලබන 24 වනදා සිට

උසස් පෙළ විභාගයේ ප‍්‍රායෝගික පරීක්ෂණ විභාග ලබන 24 වනදා සිට ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
දේශීය නර්තනය / භරත නැටුම් / පෙරදිග සංගීතය / කර්ණාටක සංගීතය / බටහිර සංගීතය / නාට්‍ය හා රංග කළාව ප‍්‍රායෝගික පරීක්ෂණ විභාග එදින ආරම්භ වීමට නියමිතයි.

එම ප‍්‍රායෝගික පරීක්ෂණ විභාග ඔක්තෝම්බර් 6 වනදා දක්වා පැවැත්වෙනවා. ඉංජිනේරු තාක්ෂණවේදය ප‍්‍රායෝගික පරීක්ෂණ විභාගය ආරම්භ වන්නේ ලබන 28 වනදායි. එම විභාගය ඔක්තෝම්බර් 9 වනදා දක්වා පැවැත්වෙනවා.

ගෘහ ආර්ථික විද්‍යාව ප‍්‍රායෝගික පරීක්ෂණ විභාගය ආරම්භ වන්නේ ඔක්තෝම්බර් 19 වනදායි. එය ඔක්තේා්ම්බර් 28 වනදා තෙක් පැවැත්වෙනවා. ජෛව පද්ධති තාක්ෂණවේදය ප‍්‍රායෝගික පරීක්ෂණ විභාගය ඔක්තෝම්බර් 31 වනදා ආරම්භ වන අතර එය අවසන් වන්නේ නොවැම්බර් මස 6 වනදායි.


News Articles
Latest Videos
Most Popular Post