News Line| Off Air| Games
Generic placeholder image

Sep
19

එජාපයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීම සම්බන්ධයෙන් තවත් තීරනාත්මක සාකච්ඡාවක්

535 Views


එජාපයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීම සම්බන්ධයෙන් තවත් තීරනාත්මක සාකච්ඡාවක්

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරුන්ද යන්න ලබන සතිය තුළ තීරණය කරන බව පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

පක්ෂ නායකවරයා ඒ පිළිබඳ තමන් වෙත දැනුම් දුන් බව එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළා.

මේ අතර ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීම සම්බන්ධයෙන් තවත් තීරනාත්මක සාකච්ඡාවක් එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් සහ අග්‍රාමාත්‍යවරයා අතර මේ වන විට අරලියගහ මන්දිරයේදී පැවැත්වෙනවා.

ඊට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු පිරිසක් හා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් කැඳවා ඇති අතර සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවක් අද දවහල් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලබන 25 වැනිදා නම් කිරීමට නියමිත බව සදහන්.

එම නම් කිරීම සඳහා මේ වන විට විදෙස් ගතව සිටින සියලුම මැති ඇමතිවරුන් දිවයිනට කැඳවන ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post