News Line| Off Air| Games
Generic placeholder image

Jun
26

කංජිපානි ඉම්රාන් අද අධිකරණය හමුවට

783 Views


කංජිපානි ඉම්රාන්  අද අධිකරණය හමුවට

ඩුබායිහි සිට මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව දැනට රැඳවුම් නියෝග මත පොලිසිය භාරයේ රඳවා සිටින පාතාල කල්ලි නායකයෙකු වන කංජිපානි ඉම්රාන් නිරීක්ෂණය සඳහා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට යළි ඉදිරිපත් කරනු ලැබුවා.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් මෙම සැකකරුවන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා සිල්වා මහත්මිය හමුවට පමුණුවා තිබෙන අතර මෙහිදී පොලිසිය අධිකරණයට දන්වා සිටියේ ආරක්ෂක ලේකම්වරයාගෙන් ලබාගත් රැඳවුම් නියෝග මත මෙම සැකකරුවන් තුන් දෙනා දින 90 ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාගෙන ඇති බවයි.

ඒ අනුව අදාළ සැකකරු තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දුන් විනිසුරුවරිය ඔවුන් නැවත නිරීක්ෂණය සඳහා අගෝස්තු මස 07 වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ද කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කළා.


News Articles
Latest Videos
Most Popular Post