News Line| Off Air| Games
Generic placeholder image

Jun
25

කප්පම් ගැනීමට තැත් කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

301 Views


කප්පම් ගැනීමට තැත් කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

හංවැල්ල සහ නවගමුව ප‍්‍රදේශ වල ජනතාව ගේ ගෘහස්ත දුරකථන අංක වලට ඇමතුම් ගෙන බිය වද්දා කප්පම් මුදල් හා ඊෂි කෑෂ් මගින් මුදල් ලබා ගත් හා ඒ සඳහා අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිළධාරීන් සිදුකළ දුරකථන ඇමතුම් විශ්ලේෂණයකින් අනතුරුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවරිදි හා 44 හැවරිදි පොල්පිතිගම ප‍්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනෙක්.

සැකකරුවන් අද කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post