News Line| Off Air| Games
Generic placeholder image

Mar
26

කෙසෙල්වත්තේ ඝාතනයට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට

445 Views


කෙසෙල්වත්තේ ඝාතනයට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට

කෙසෙල්වත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරිමට තැත් කිිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ටාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි මොහොමඩ් ඉර්ෆාන් නැමැති පුද්ගලයෙක්.

සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 02 යි මිලි ග්‍රෑම් 200 ක් සොයා ගෙන තිබෙනවා.පසුගිය පෙබරවාරි මස 17 වනදා කෙසෙල්වත්ත ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමට සැකකරු සම්භන්ධ බවයි පොලීසිය පැවසුවේ.

වෙඩි වැදීමෙන් 28 හැවිරිදි තරුණයෙකු තුවාල ලැබුවා.

අත්අඩංගුවට ගත් සැකකරු ඩුබායි හී සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහාපරිමාණ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කෙසෙල්වත්තේ දිනුකගේ සමීපතම ගෝලයෙකු බවට අණාවරණය වී ඇති බවයි පොලීසිය සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post