News Line| Off Air| Games
Generic placeholder image

Apr
6

කොරෝනාවෙන් රට රැකීමට කි‍්‍රකට් තරු දායක වෙයි

745 Views


කොරෝනාවෙන් රට රැකීමට කි‍්‍රකට් තරු දායක වෙයි

ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාවටද වසංගතයක් වෙමින් පැතිර යන Covid-19 වෛරසය නිසාවෙන් දිවයින පුරා උද්ගතව තිබෙන තත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇතුලු පිරිස කොළඹ ප්‍රදේශයේ වැඩිහිටි නිවාස දෙකක් සහ ළමා නිවාසයක් සඳහා පසුගිය දිනක අත්‍යාවශ්‍ය බඩු භාණ්ඩ රැසක් බෙදා දී තිබෙනවා.

කුසල් මෙන්ඩිස්ට අමතරව මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, ඇන්ජලෝ මැතිව්ස්, චාමර කපුගෙදර, ධම්මික ප්‍රසාද්, අවිශ්ක ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, රොන් චන්ද්‍රගුප්ත යන හිටපු සහ වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් මේ සදහා සහය ලබා දුන් බව සදහන්.

ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්‍ය බලකායෙන් කරන ලද ඉල්ලීමකට අනුව කොළඹ මධ්‍යම කොට්ඨාශයේ ස්ථාපිතව පවතින සුබසාධන අවශ්‍යතා ඇති වැඩිහිටි නිවාසවල සිටින 180කට වැඩි ප්‍රමාණයක් සඳහා සරිලන ලෙස මෙම අත්‍යාවශ්‍ය බඩු භාණ්ඩ බෙදා දී තිබෙනවා.

එමෙන්ම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් මෙන්ම වර්තමාන ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක්ම ගෙවී ගිය දින කිහිපය පුරාවට ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කරමින් විවිධ වූ සහන ලබා දීමේ වැඩසටහන් සඳහා දායකත්වය ලබා දුන් අතර සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ජනතාව දැනුවත් කරමින් නිවසටම වී ආරක්ෂිතව ඉන්න යන පණිවිඩය ජනතාව අතරට රැගෙන යාම සඳහා විශාල දායකත්වයක් දැක්වූවා.

කොරෝනා වයිරසය යනු දැවැන්ත ප්‍රතිවාදියෙකි. එහෙත් කලබල විය යුතු නැත. අප කළ යුත්තේ නිවසේ රැඳී සිටිමින්, රජයේ, සෞඛ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශවල උපදෙස් පිළිපදිමින් තැන්පත්ව සිටීමයි. ඉවසමු, නිවසට වී සිටිමු! යනුවෙන් ඔවුන් පවසනවා.

මේ අතර ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි විසින් වෛරසය පැතිරීම නැවැත්වීම සඳහා ගෘහස්ථව රැඳී සිටින ලෙස ජනතාවට දන්වමින් වීඩියෝ පණිවුඩ ගණනාවක් සමාජ මාධ්‍ය වෙත එක්කර තිබූණා.

කෝලි එක්කළ වීඩියෝ අතරින් වැඩි අවධානයක් යොමු වූයේ ඔහුගේ බිරිඳ අනුෂ්කා ශර්මා විසින් ඔහුගේ කොණ්ඩය කැපීම පෙන්වන වීඩියෝවයි. එම වීඩියෝව සඳහා Likes 100000ක් පමණ ලැබී තිබුණා.

එම වීඩියෝව පහතින්.

https://twitter.com/AnushkaSharma/status/1243765087342477318


News Articles
Latest Videos
Most Popular Post