News Line| Off Air| Games
Generic placeholder image

Sep
20

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය අදින් ඇරඹේ

1446 Views


කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය අදින් ඇරඹේ

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය අද ආරම්භ වුණා. ඒ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ දීයි. ප‍්‍රදර්ශනයේ ආරම්භ වුනේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් ජෙකොබ් මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

ප‍්‍රදර්ශනය අද සිට ලබන 29 වනදා දක්වා පෙරවරු 09 00 සිට රාත‍්‍රී 09 00 දක්වා පැවැත්වීමට නියමිතයි.කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය සදහා මෙවර වෙළද කුටි 445 ක් ඇතුළත්. විදේශ වෙලද කුටි 60 ක් ද මෙවර ප‍්‍රදර්ශනයට එක් කර තිබෙනවා.

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයට සමගාමීව දිනපතා සංස්කෘතික සංදර්ශන ළමා නාට්‍ය ඇතුලූ වැඩසටහන් රැසකින් සමන්විත වන අතර ප‍්‍රදර්ශනය පැවැත්වෙන දින වල කිරිබත්ගොඩ බොරැල්ල බම්බලපිටිය හා අවට නගර කිහිපයක සිට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රය දක්වා නොමිලේ බස් රථ සේවාවක් ක‍්‍රියාත්මකයි.
ශ‍්‍රී ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමය 1999 වසරේ සිට වාර්ශිකව සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය 21 වන වරට මෙවර පැවැත්වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post