ඡන්දපොළ තුළ දුරකථන භාවිත කරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගත හැකි ප්‍රතිපාදන පවතින බව පොලිසිය සදහන් කළා.
කොළඹ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියාසිටියේ ඡන්ද පොළ නිළධාරීන්ගේ රාජකාරිවලට බාධා කිරීමේ චෝදනාවට අදාළව එලෙස පියවර ගත හැකි බවයි.