ජනාධිපතිවරණය සඳහා පුද්ගලයින් තිදෙනෙක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
ඒ ස්වාධීන පක්ෂ අපේක්ෂක ජයන්ත කැටගොඩ මහතා, ශ්රී ලංකාවේ සමාජවාදී පක්ෂය වෙනුවෙන් පරිසරවේදිනි ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය හා ස්වාධීන පක්ෂ ජනාධිපති අපේක්ෂකයෙක් වන සිරිපාල අමරසිංහ යන අයයි.
අද(19) සිට ආරම්භ කරන ලද ඇප මුදල් තැන්පත් කිරීම ලබන මස 06 වනදා දහවල් 12.00 දක්වා සිදු කල හැකි බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කළා.
මේ වන විට දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් 18ක් පමණ ජනාධිපති ධුරය සඳහා අපේක්ෂකයින් ඉදිරිපත් කරන බවට මැතිවරණ කොමිසම වෙත දැනුම්දී තිබෙනවා.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ තම ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කර ඇති අතර ජනතා විමුක්ති පෙරමුණ අනුර කුමාර දිසානායක මහතා ද, පෙරටුගාමි සමාජවාදී පක්ෂය දුමින්ද නාගමුව මහතා ද, අපේක්ෂකයන් ලෙස නම් කර ඇති බව සදහන්.
ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වන දින පැවැත්විමට මැතිවරණ කොමිසම් සභාව තීරණය කර ඇති අතර ඊට අදාල අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ(18) රාත්රී නිකුත් කෙරුණා.
ඒ අනුව ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන්ගේ නාමයෝජනා භාර ගැනීම ඔක්තෝබර් 07 වනදා පෙරවරු 09.00 සිට පෙරවරු 11.00 දක්වා සිදු කිරිමට නියමිතයි.