එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ජනාධිපති අපේක්ෂකයන් සඳහා උපරිම ආරක්ෂාවක් සැපයීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ජාතික ආරක්ෂක මණ්ඩල රැස්වීමේ දී තීරණය කරනු ලැබුවා.
ඒ අනුව ජනාධිපති අපේක්ෂකයින් ඉල්ලා සිටින පරිදි ඔවුන්ට අවශ්‍ය උපරිම ආරක්ෂාව සැලසීමට ජනාධිපතිතුමා ආරක්ෂක අංශ ප්‍රධානීන් දැනුවත් කර තිබෙනවා.