News Line| Off Air| Games
Generic placeholder image

Jul
20

ජපානයේ චිත්‍රාගාරය ගිනි තැබූ පුද්ගලයා පළමුවරට මාධ්‍යයට

755 Views


ජපානයේ චිත්‍රාගාරය ගිනි තැබූ  පුද්ගලයා පළමුවරට මාධ්‍යයට

ජපානයේ සජීවීකරණ මැදිරියකට එල්ල වූ ප්‍රහාරයේ සැකකරු සහ ප්‍රහාරයට හේතුව පිළිබඳව පොලීසිය විසින් අනාවරණයක් සිදුකර ඇති බව වාර්තා වෙනවා.
ජපානයේ කියෝතෝ නගරයේ පිහිටි සජීවීකරණ චිත්‍රාගාරයක ඇති වූ ගින්න සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරු පිළිබද තොරතුරු පළමුවරට මාධ්‍ය වෙත අනාවරණය කල අතර 41 හැවිරිදි සිද්ධියේ සැකකරු ෂින්ජි අඕබා නමැත්තෙක් ලෙසින් හදුනාගෙන ‍ඇත.තමන් රචනා කළ නවකතාවක් අදාළ චිත්‍රාගාරය හිමි සමාගම විසින් සොරාගත් ගැනීම හේතුවෙන් තමන් මෙසේ චිත්‍රාගාරය ගිනි තැබීමට කටයුතු කළ බවද ඔහු පවසා ඇති බව වාර්තා වෙනවා.

කියෝතෝ චිත්‍රාගාරය ගිනි ගැනීමෙන් පුද්ගලයින් 33දෙනෙක් මේ වනවිට මියගොස් ඇති අතර එය ජපානයෙන් මෑතකදී වාර්තා වූ දරුණුතම අපරාධ සිදුවීම ද වෙනවා.ඊට අමතරව තවත් පුද්ගලයින් දස දෙනෙක් පිළිස්සුම් තුවාල සහිතව බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත ප්‍රතිකාර ලබන බවද විදෙස් මාධ්‍ය තහවුරු කළා.


News Articles
Latest Videos
Most Popular Post