News Line| Off Air| Games
Generic placeholder image

Jan
21

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ වයඹ පළාත් සමාරම්භක උත්සයවය

789 Views


ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ වයඹ පළාත් සමාරම්භක උත්සයවය

ජාතියක් වශයෙන් අපව අඩපන කිරීම සඳහා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ අතීතයේ වාගේම අදත් ක්‍රියාත්මකයි.  ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන ඉලක්කය රටේ ජීවනාලිය බඳු දරුවන්. ඔවුන් උත්සහ කරන්නේ මේ අහිංසක දරුවන් මත් රකුසාට බිලි දීලා ඔවුන් අඩපන කරලා මේ රටේ ස්වභාවික සම්පත් ටික කොල්ලකන්න.. එවැනි නොපෙනෙන අධිරාජ්‍යවාදයක් එදා මෙන් අදත් ක්‍රියාත්මකයි..

වයඹ පළාත් ආණ්ඩුකාරවර ගරු පේෂල ජයරත්න බණ්ඩාර මහතා

අතිගරු ජනාධිපතිතුමන්ගේ මතින් තොර රටක් සංකල්පය මූලික කර ගනිමින් ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ වයඹ පළාත් සමාරම්භක උත්සයවය අමතමින් වයඹ පළාත් ආණ්ඩුකාරවර ගරු පේෂල ජයරත්න බණ්ඩාර මැතිතුමා මෙම අදහස් පල කරන ලදි. ‍මත්ද්‍රව්‍ය නිවාරණය දරුවන්ගෙන් ඉගෙන ගනිමු යන තේමාව යටතේ පැවති මෙම උත්සවය අමතමින් තව දුරටත් අදහස් දැක්වූ ගරු ආණ්ඩුකාරතුමා පැවසුවේ අතිගරු ජනාධිපතිතුමා රාජ්‍ය නායකයා ලෙස රටට ජාතියට සිදුවෙන්න යන මේ මහා විනාශයෙන් රට මුදවාගැනීම මෙම වැඩසටහන ආරම්භ කළ බවයි. අතීතයේ අධිරාජ්‍යවාදීන් සිදුකලේ අප රටේ ජනතාව මත් වතුරට හුරු කර ඔවුන්ට අවශ්‍ය ලෙස අප අවනත කර ගැනීමයි. අදත් සිදුවන්නේ ඊටත් වඩා භයානක ආකාරයෙන් එයම වන අතර ඒ මහා විනාශයෙන් අප රටේ දරුවන් මුදවා ගැනීමට වෙහෙස විය යුතු කාලය එළබ තිබෙන බවත්ය.

දෙමව්පියන් ඉතාමත් දුක් මහන්සියෙන් කඳුළු වගුරවමන් මහපොළොවත් එකක් පොර බදලා දරුවන් ලොකුමහත් කරන්නේ රටට වැඩදායී පුරවැසියන් ලෙස ජීවත් වෙමින් රටට සේවය කිරීමටය. තම දෙමව්පියන්ගේ අහිංසක ප්‍රාර්තනය ඉටු කිරීමට මත් ද්‍රව්‍ය භාවිතයෙන් වැලකී සිටින ලෙසත් ඒවා ගැන තොරතුරු දන්නේ නම් ඒ පිළිබඳව පාසලේ ගුරුවරයාට හෝ දෙමව්පියන්ට අනාවරණය කර මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා දායක වන ලෙස පැමිණ සිටි පාසල් දරුවන්ගෙන් ගරු ආණ්ඩුකාරතුමා ඉල්ලීමක් ද සිදු කළා.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාසල් 11ක දරුවන් 5000කගේ පමණ සහභාගීත්වයෙන් කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගනයේ දී පැවති මෙම උත්සවයට  මත්ද්‍රව්‍යයෙන් වැලකී සිටීමේ ප්‍රතිඥාව සිංහල හා දමිළ බසින් කියවීම, ගීත ගායනා, වීදි නාට්‍ය හා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දේශනයක්ද ඇතුලත් වුණා.

මෙම උත්සවය සඳහා කුරුණෑගත දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර, වයඹ හිටපු ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, හිටපු අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් වෙඬරුව, ගුණදාස දෙහිගම, පියසිරි රාමනායක, පලාත් සභාවේ හිටපු සභාපති ටිකිරි අධිකාරී, වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන් වන රෝහණ චන්ද්‍රකුමාර බස්නායක, නිලන්ත සුපුන් රාජපක්ෂ ඇතුලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු හා දිස්ත්‍රික් සංවිධායකවරුන්ද ඇතුළුව  වයඹ පළාත් ප්‍රධාන ලේකම් පී. එම්. බී. සිරිසේන, දිසාපති ගාමිනී ඉලංගරත්න, ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් විජිත බණ්ඩාරනායක ඇතුළු රාජ්‍ය නිළධාරීන් පිරිසක් ද සහභාගී විය.


News Articles
Latest Videos
Most Popular Post