News Line| Off Air| Games
Generic placeholder image

Jun
25

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ ප‍්‍රධාන උත්සවය ලබන මස මස 01 වනදා

375 Views


ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ ප‍්‍රධාන උත්සවය ලබන මස මස 01 වනදා

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ ප‍්‍රධාන උත්සවය ලබන මස මස 01 වනදා කොළඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
ඒ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්.
පසුගිය 23 වනදා සිට ලබන 01 වැනිදා දක්වා ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ප‍්‍රකාශයට පත් කර ඇත්තේ ජනාධිපතිතුමා ගේ උපදෙස් පරිදියි.

මේ අතර නාවික හමුදාව මන්නාරම, නඩුකුඩා ප‍්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි බීඩි කොළ කිලෝ 939යි ග‍්‍රෑම් 200 ක් සොයා ගෙන තිබෙනවා.
පාර්සල් 45 ක් තුල අසුරා තිබූ බීඩි කොළ තොගය වෙරළේ අතහැර දමා ගොස් තිබියදී සොයා ගෙන ඇති බවයි නාවික හමුදාව පැවසුවේ.
බීඩි කොළ තොගය ඉදිරි විමර්ශන සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දී තිබෙනවා.
නාවික හමුදාව වසරේ ගතවු කාලය තුළ සොයා ගෙන ඇති බීඩි කොළ ප‍්‍රමාණය කිලෝ 16 500 කට අධිකයි.
මෙවැනි නීති විරෝධී ජාවාරම් මැඩපැවැත්විම සඳහා අඛණ්ඩ මෙහෙයුම් ක‍්‍රියාත්මක බවයි නාවික හමුදාව සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post