News Line| Off Air| Games
Generic placeholder image

Aug
19

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වලත් ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් ඉදිරියෙන් – නායක දිමුත් පිතිකරුවන් මුල් දහදෙනා අතරට

6004 Views


ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වලත් ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් ඉදිරියෙන් –  නායක දිමුත් පිතිකරුවන් මුල් දහදෙනා අතරට

මේ දිනවල කි‍්‍රකට් ලෝකයේ වැඩිපුරම කතාබහ වන මාතෘකාවක් තමයි ටෙස්ට් තරග කියන්නේ. ඒ ලෝක ටෙස්ට් ශූරතාවලිය ආරම්භ වෙලා තියෙන නිසා.

මේ විදිහට ටෙස්ට් ලෝක කුසලතාවය ආරම්භ වූයේ අළුබදුන තරගාවලියත් එක්කයි.

ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තයත් සමග තරගවැදුණු ටෙස්ට් තරගයත් ටෙස්ට් ලෝක කුසලාන තරගාවලියට ඇතුලත්.

නිමාවට පත්වෙච්ච එංගලන්ත ඔස්ට්‍රේලියා සහ ශී‍්‍ර ලංකා නවසීලන්ත තරග නිසා ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල වෙනසක් සිදුව තිබෙනවා.

මේ ඒ ගැන සියත 24 අපි ඉදිරිපත් කරන විශ්ලේෂණාත්මක වාර්තාවයි.

ටෙස්ට් තරග පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල තවමත් පළමු ස්ථානය රැකගැනීමට විරාත් කෝලි සමත්කම දක්වා තිබෙනවා. ඒ ප‍්‍රසාද ලකුණු 922 ක් ලබාගෙනයි.

නිමාවට පත්වූ අළුබදුන ටෙස්ට් තරග දෙකේදී විශේෂ දක්ෂතා දැක්වූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ස්ටීව් ස්මිත් ප‍්‍රසාද ලකුණු 913 ක් සමග දෙවන ස්ථානය ලබා තිබෙනවා.

එමෙන්ම ශී‍්‍ර ලංකාව සමග පැවති තරගයේදී අඩු දක්ෂතා දැක්වූ නවසීලන්ත නායක කේන් විලියම්සන් ශ්‍රේණිගත කිරීම් තුන්වන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.

ශ්‍රේණිගත කිරීම්වල 4 වන ස්ථානයේ ඉන්දීය කී‍්‍රඩක පුජාරා ලබාගනිද්දී පස්වන සහ හයවන ස්ථාන ලබාගෙන තිබෙන්නේ නවසීලන්තයේ හෙන්රි නිකොලොස් සහ දකුණු අපි‍්‍රකාවේ ඒඩියන් මක‍්‍රාම්.

හත්වන ස්ථානයේ රැදී සිටින්නේ දකුණු අපි‍්‍රකානු කී‍්‍රඩක ක්වින්ටන් ඩි කොක්.

එමෙන්ම නවසීලන්තයට එරෙහි තරගයේදී ශතකයක් රැස්කළ ශී‍්‍ර ලංකා කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්න 12 වන ස්ථානයේ සිට 8 වන ස්ථානය දක්වා ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට ඒමට සමත්කම් දක්වා තිබෙනවා.

ශී‍්‍ර ලංකා කණ්ඩායම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රේණිගත කිරීම් වල 14 වන ස්ථානයත් කුසල් මෙන්ඩිස් 19 වන ස්ථානයත් දිනේෂ් චන්දිමාල් 29 වන ස්ථානයත් නිරෝෂන් දික්වැල්ල 33 වන ස්ථානයත් ලබාගෙන තිබෙනවා.

ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් අනුව පළමු ස්ථානයේ රැදී සිටින්නේ ඔස්ට්‍රේලියානු කී‍්‍රඩක පැට් කමින්ස්.
දෙවන ස්ථානය දකුණු අපි‍්‍රකානු කී‍්‍රඩක රබාඩා හිමිකරගෙන තිබෙනවා.

ශී‍්‍ර ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් වල ඉහළින්ම රැදී සිටින්නේ සුරංග ලක්මාල්.
ඔහු රැදෙන්නේ ශ්‍රේණිගත කිරීම්වල 30 වන ස්ථානයේයි.

දැක්වූ දක්ෂතා මත අකිළ දනංජය ස්ථාන 8 ක් ඉදිරියට පැමිණෙමින් ශ්‍රේණිගත කිරීම් වල 36 වන ස්ථානයේ රැදෙනවා.

තුන්ඉරියව් දක්ෂතා මත පදනම්ව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල පළමු ස්ථානයේ රැදෙන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ජේසන් හෝල්ඩර්.

එහි පිළිවෙලින් දෙක සහ තුන ස්ථාන බංග්ලාදේශ කී‍්‍රඩක ශකීර් අල් හසන් සහ ඉන්දීය කී‍්‍රඩක රවින්ද‍්‍ර ජඩේජා හිමිකරගෙන තිබෙනවා.

ශී‍්‍ර ලංකා වෙනුවෙන් තුන්ඉරියව් ශ්‍රේණිගත කිරීම්හි 18 වන ස්ථානය ඩිල්රුවන් පෙරේරාත් 25 වන ස්ථානය සුරංග ලක්මාලුත් හිමිකරගෙන තිබෙනවා.

අකිළ දනංජයට එහි හිමි වී ඇත්තේ 46 වන ස්ථානයයි.

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අනුව ශී‍්‍ර ලංකා කණ්ඩායමට හිමිව තිබෙන්නේ 6 වන ස්ථානයයි.

 

අගෝස්තු 18 වන දින නිකුත් කළ ශ්‍රේණිගත කිරීම් මත මෙම ලිපිය සකස්කර ඇත.


News Articles
Latest Videos
Most Popular Post