News Line| Off Air| Games
Generic placeholder image

Sep
23

තවත් දිස්ත්‍රික්ක කිහිපයකට නාය යාමේ අවදානම් නිකුත් කරයි

667 Views


තවත් දිස්ත්‍රික්ක කිහිපයකට නාය යාමේ අවදානම් නිකුත් කරයි

පවතින අධික වර්ශාපතනයත් සමඟ රත්නපුර සහ මාතර දිස්ත්‍රික්කවලටද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යාමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා.

කලවාන ප්‍රදේශයට ඉකුත් පැය 24 තුළ මිලිමීටර 75 කට වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් හෙට (24) රාත්‍රි 7 දක්වා බලපැවැත්වෙන පරිදි එම අවදානම් නිවේදනය නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළා.

කළුතර, කෑගල්ල සහ ගාල්ල දිස්ත්‍රික්කවලටද නායයෑම් පිළිබද අවදානම් නිවේදනයක් මීට පෙර නිකුත් කෙරුණ අතර එම අවදානම් නිවේදනය හෙට රාත්‍රී 7 දක්වා දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post