News Line| Off Air| Games
Generic placeholder image

Oct
23

දකුණේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු බියක් ඇතිකරගන්න එපා

1461 Views


දකුණේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු  බියක් ඇතිකරගන්න එපා

දකුණු පළාත තුළ කිසිදු පාසලක/ආයතනයක/ප්‍රදේශයක ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් මේවන විට වාර්තා වී නොමැති බව දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා විසින් දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා වෙත අද (23) පෙරවරුවේ සහතික කර තිබෙනවා.

දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ජාතික පාසල් හා පාසල් කටයුතු) විසින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත ආරක්ෂාව සම්බන්ධයෙන් ඔහුට ලැබුණු චක්‍රලේඛයක් පදනම් කර ගනිමින් නිකුත් කරන ලද නිවේදනය ගැන වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙස ආණ්ඩුකාරවරයා බලධාරීන්ට නියෝග කර ඇති බව සදහන්.

ඒ අනුව ඊයේ (22) දිනයේ දකුණු පළාත තුළ යම් නොසන්සුන්තාවයක්, විශේෂයෙන්ම මාතර ප්‍රදේශයේ උද්ගත වූ බවට වාර්තා වුවද, ඒ කිසිවක් නිසි පදනමකින් තොරව ඇති වී ඇති බවද ඒ මහතා සඳහන් කළා.

දකුණු පළාත තුළ සාමාන්‍ය ජන ජීවිතයට කිසිඳු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා වූ අවශ්‍ය ආරක්ෂක තත්ත්වයන් වල කිසිදු අඩු ලුහුඬුකමක් නොමැති බවත්,නිසි ආරක්ෂාව තහවුරු කොට ඇති බවත් දකුණු පළාත් භාර ආරක්ෂක ප්‍රධානීන් ආණ්ඩුකාරවරයා වෙත දැනුම් දී තිබෙනවා.

ඊට අමතරව පළාතේ ආරක්ෂාව සම්බන්ධයෙන් තවදුරටත් සොයා බලා වාර්තා කරන ලෙස පළාත් ආරක්ෂක ප්‍රධානීන්ට ආණ්ඩුකාරවරයා නියෝග කර ඇති අතර දකුණු පළාතේ ආරක්ෂාව සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර නොගන්නා ලෙස ද ආණ්ඩුකාරවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ පිළිබඳ යම් අපහසුතාවයක් සිදුවූයේ නම් කණගාටු වන බවද ආණ්ඩුකාරවරයා තවදුරටත් ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post