News Line| Off Air| Games
Generic placeholder image

Sep
20

දුම්රිය ධාවනය යළි යථා තත්වයට

653 Views


දුම්රිය ධාවනය යළි යථා තත්වයට

ප‍්‍රධාන මාර්ගයේ දුම්රිය ප‍්‍රමාදයට හේතුව සංඥා පද්ධතියේ මෘදුකාංග වල දෝශයක් බව හෙළිව තිබෙනවා.
දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප‍්‍රනාන්දු මහතා සියත ප‍්‍රවෘත්ති වෙත සදහන් කලේ එය මේ වන විට යථා තත්වයට පත් කර ඇති බවයි.ප‍්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ද සාමාන්‍ය පරිදි සිදු වන බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සදහන් කලා.

සංඥා දෝශය ඇති වුනේ මරදාන සහ කොළඹ කොටුව අතර දුම්රිය මාර්ගයේයි. මේ හේතුවෙන් ප‍්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය 50 ක් කොළඹ කොටුව දෙසට ධාවනය කිරීමට නොහැකිව නවතා තිබුණා.
කොළඹ කොටුවේ සිට ආරම්භ වන දුම්රිය ධාවනය ද ප‍්‍රමාද වු බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කලේ දුම්රිය ප‍්‍රමාදය හේතුවෙන් වලට පැමිණෙන මගීන් හා පාසල් සිසුන් දැඩි අපහසුතාවයට පත් වු බවයි සියත ප‍්‍රාදේශීය වාර්තාකරුවන් සදහන් කලේ.
දුම්රිය ප‍්‍රමාදය හමුවේ ඇතැම් ස්ථාන වල දුම්රිය වලට ගල් ප‍්‍රහාර ද එල්ල කර ඇති බව වාර්තා වනවා. දුම්රිය වෘත්තීය සමිති පැවසුවේ මේ හේතුවෙන් දුම්රිය 10 කට පමණ අලාභ හානි වී ඇති බවයි.
දුම්රිය රියදුරන්ගේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය හා අද සිදු වු දුම්රිය ප‍්‍රමාදය අතර කිසිදු සම්භන්ධයක් නොමැති බව ද වෘත්තීය සමිති සදහන් කලා.
මේ අතර කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු රාත‍්‍රි තැපැල් දුම්රිය ද පැය 06 ක් පමණ ප‍්‍රමාද වී තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සදහන් කලේ වටවල සහ හැටන් දුම්රිය ස්ථාන දෙක අතර දී එය කාර්මික දෝශයකට ලක් වූ බවයි.
අලූයම 1.30 ට හැටන් දුම්රිය ස්ථානය වෙත ලගා විමට තිබු රාත‍්‍රි තැපැල් දුම්රිය කාර්මික දෝෂය හේතුවෙන් පැමිණියේ උදැසන 7.30 ට පමණයි.දුම්රිය රියදුරන් ඇතුලූ වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක‍්‍රියාමාර්ග මේවන විට ක‍්‍රියාත්මකයි.
වෘත්තීය ක‍්‍රීයාමාර්ගය ආරම්භ කළේ දුම්රිය සේවයේ පවතින වැටුප් සහ ශ්‍රේණි ගැටලූව සදහා නිසි විසදුම් ලබානොදීමට විරෝධය පළ කරමින්. ගැටලූවට විසදුම් ලබාදෙමින් 2018 වසරේදී කැබිනට් පත‍්‍රිකාවක් අනුමත කර තිබෙනවා.
කෙසේවෙතත් මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශ පරිදි එය ක‍්‍රියාත්මක කිරීම අත්හිටුවා ඇති බවයි දුම්රිය වෘත්තීය සමිති සදහන් කළේ දුම්රිය වෘත්තීය සමිති මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගයේ නිරත වන්නේ අදාළ කැබිනට් පත‍්‍රිකාව ක‍්‍රියාත්මක කර ගැනීම සදහායි.


News Articles
Latest Videos
Most Popular Post