News Line| Off Air| Games
Generic placeholder image

Sep
20

දුම්රිය සේවකයින්ගේ අදත් අකුරට වැඩ – මරදාන-කොටුව දුම්රියන් ප්‍රමාදයක්

627 Views


දුම්රිය සේවකයින්ගේ අදත් අකුරට වැඩ – මරදාන-කොටුව දුම්රියන් ප්‍රමාදයක්

ඊයේ පස්වරුවේ සිට ක්‍රියාත්මක දුම්රිය සේවකයින් නිරතව ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක වෙන බව වාර්තා වෙනවා. එමෙන්ම ලබන අඟහරුවාදා දිනයේ දී අඛණ්ඩ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට නියමිත බවද පැවසෙනවා.

මේ අතර මරදාන-කොටුව දුම්රිය ස්ථාන අතර සංඥා බිඳ වැටීමක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට ප්‍රබල ලෙස බාධා එල්ල වී තිබෙනවා. අද උදෑසන කාර්යාල දුම්රියන් බොහෝමයක් ඒ හේතුවෙන් දෙමටගොඩ සහ මරදාන කොටුව දුම්රිය ස්ථාන අතර නවතා සිටීම හේතුවෙන් මගින් දැඩි අපහසුතාවයට පත්ව තිබෙන බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post