News Line| Off Air| Games
Generic placeholder image

Dec
13

දෙමළ ජාතික සන්ධානයෙන් පොහොට්ටුවට අනතුරු ඇඟවීමක්

633 Views


දෙමළ ජාතික සන්ධානයෙන්  පොහොට්ටුවට අනතුරු ඇඟවීමක්

රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේදී සහය ලබා දීමට දෙමළ ජාතික සංධානය හා ගිවිසුම් ගත වූ බවට පැතිර යන කතාව සම්බන්ධයෙන් දෙමළ ජාතික සංධානය ප්‍රකාශයක් කර තිබෙනවා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය දෙමළ ජාතික සන්ධානය සමඟ  ගිවිසුමක් ඇති බවට දිගින් දිගටම චෝදනා කරන්නේනම් පොදුජන පෙරමුණ තමන්ට දීමට එකඟත්වය පළ කළ දේවල් ද ප‍්‍රසිද්ධියට පත් කරන බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ සුමන්තිරන් ප්‍රකාශ කළේ  රනිල් වික‍්‍රමසිංහ මහතාට සහය පළකරන්නේ කිසිම ගිවිසුමකින් තොරව බවයි. එසේම ශ්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය  ගත් පියවර හෑල්ලූවට ලක් කරමින්  එක්සත් ජාතික පෙරමුණ සමඟ රහස් ගිවිසුම් ඇති බවට දිගින් දිගටම චෝදනා කිරීමට පටන් ගෙන ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

ඒ අනුව මෙම තත්වය දිගටම ක‍්‍රියාත්මක වුවහොත් පාර්ලිමේන්තු  මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ පොදුජන පෙරමුණේ දේශපාලන නායකයින් දෙමළ ජාතික සන්ධානය  සමඟ සාකච්ඡා කර ලබා දීමට එකඟත්වය පල කළ ඒවාද  ප‍්‍රසිද්ධියට පත් කරන බව වැඩිදුරටත් ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post