News Line| Off Air| Games
Generic placeholder image

Feb
16

නාලක සිල්වා සමඟ සම්බන්ධයක් නෑ – අමල් පෙරේරා ලංකාවට පැමිණි පසු විශේෂ හෙළිදරව්වක්..!

1573 Views


නාලක සිල්වා සමඟ සම්බන්ධයක් නෑ – අමල් පෙරේරා ලංකාවට පැමිණි පසු විශේෂ හෙළිදරව්වක්..!

පසුගියදා ඩුබායිහි දී අත්අඩංගුවට ගැණුනු ගායන ශීල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත්‍රයා ඇතුළු 15ක පමණ පිරිසක් එළඹෙන 27 වන විට මුදා හරිනු ඇති බව ඩුබායිහි සිට ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ අනුව ඔවුන් මහාධිකරණයට ඉදිරිපත් නොකර මුදා හැරීමට වැඩි ඉඩක් පවතින බවත්, යම් හෙයකින් මහාධිකරණයට ඉදිරිපත් කළහොත් අමල් පෙරේරා සහ ඔහුගේ පුත්‍රයාගේ ඩුබායි ගමන් තහනම් නොකරන ලෙස ඉල්ලීමක් කිරීමට එරට නීතීඥවරුන් කිහිප දෙනෙකු පත් කර ඇති බවත් නීතීඥ උදුල් පේමරත්න මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත් අමල් පෙරේරා සහ ඔහුගේ පුත්‍රයාට මීට පෙර මෙවැනි චෝදනා එල්ල වී නොමැති නිසා ඔවුන්ට ලිහිල් දඬුවමක් ලබා දෙනු ඇති බවයි සඳහන් වන්නේ.

එසේම ඔවුන් ගායකයන් ලෙස ඩුබායි වෙත පැමිණ ඇති බවටද එරට පොලිසිය විසින් පිළිගෙන තිබෙනවා.

මේ අතර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ තමන් අතර යම් සම්බන්ධයක් ඇති බවට පැතිර යන කතාවල සත්‍යතාවක් නැති බව අමල් පෙරේරා ප්‍රකාශ කළේ යැයි නීතීඥ උදුල් පේමරත්න ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් අමල් පෙරේරා ලංකාවට පැමිණි පසු විශේෂ හෙළිදරව්වක් කරනු ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post