News Line| Off Air| Games
Generic placeholder image

Feb
14

නිරෝෂන් ප්‍රේමරත්නගෙන් අභියෝගයක්

1591 Views


නිරෝෂන් ප්‍රේමරත්නගෙන් අභියෝගයක්

රටේ තිබෙන වැදගත් ප‍්‍රශ්න යට ගසා නොවැදගත් මාතෘකා උඩට ගන්නා, සත්‍ය යටපත් කර බොරුව සමාජගත කරන දේශපාලනඥයන්ට හැකි නම් තමන් සමඟ ප‍්‍රසිද්ධ මාධ්‍ය විවාදයකට පැමිණෙන ලෙසට ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිරෝෂන් පේ‍්‍රමරත්න මහතා අභියෝග කරනවා.

අද (14) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවක දී ඒ මහතා මෙසේ අභියෝග කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිරෝෂන් පේ‍්‍රමරත්න මහතා ,

‘‘මේ දිනවල බොහෝ සමාජ මාධ්‍ය මගින් සහ ඇතැම් ජනමාධ්‍ය යොදා ගනිමින් දේශපාලන පක්‍ෂවලට අයත් පිරිස් විසින් ද මට විවිධ අවලාද නගනවා. බොහෝ අවලාද එල්ල වන්නේ මා විසින් තලවතුගොඩ පවත්වා ගෙන යන ව්‍යාපාරය සම්බන්ධයෙනුයි. ‘නිරෝෂන්පේ‍්‍රමරත්න පර්චසය මිලියන 2.2 බැගින් තලවතු ගොඩින් ්ඉඩමක් අරගෙන, බිල්ඩිමක් හදලා ව්‍යාපාරයක් කරගෙන යනවා. එහි වටිනාකම කෝටි 08ක් පමණ වෙනවා. නිරෝෂන් පේ‍්‍රමරත්නට කෝටි 08 කොහෙන්ද?’කියලයි සමාජ මාධ්‍ය ඇතුළු ජනමාධ්‍ය මගින් මුලින්ම අවලාද ගැහුවේ.

පසුගිය දිනවල මම පාර්ලිමේන්තුවේ සිදු කළ කතා වෙන් පසුව ද වෙනෙත්බොහෝ අවලාද එල්ල වෙනවා. මුලින්ම කියන්න ඕනේ, මම තලවතුගොඩින් ඉඩමක් අරගෙන, ගොඩනැගිල්ලක් හදලා ව්‍යාපාරයක් ආරම්භ නොකළ බව. මේසියලූදෙනා කියපු පළමු බොරුව තමයි, මම තලවතුගොඩින්ඉඩමක්අරගෙනගොඩනැගිල්ලක්හදලාව්‍යාපාරයක්පටන් ගත් බව. ඊළ`ග බොරුව තමයි මේ සියල්ලේ වටිනාකම රුපියල් කෝටි 08ක් බව කීම. තුන්වන බොරුව තමයි මාකඳුරේ මධුෂ් ඩුබායිහිදී අත්අඩංගුවට පත්වුණාම‘මේ කෝටි 08 නිරෝෂන්ට දුන්නේ මධූෂ්’බව කීම.

මම මේ ව්‍යාපාරය කරන්න කුඩුකාර යන්ගෙන් හෝ පාතාලයන්ගෙන් සත 05ක්වත් අරගෙන නැහැ. මේ ව්‍යාපාරය කිරීමට මම ගොඩනැගිල්ලක් ගත්තේ කුලියට. ඕස්ෙටි‍්‍රලියාවේ සිටින වෛද්‍යවරයකුට අයත් ගොඩනැගිල්ලක් තමයි මම කුලියට ගත්තේ. 2017 සැප්තැම්බර් මාසයේ සිටයි එය කුලියට ගත්තේ. නමුත් මාස 06ක් එනම් 2018 මාර්තු තෙක් මම මේ ව්‍යාපාරය ආරම්භ කිරීමට නොහැකිව සිටියා. මුදල් නොමැතිකම නිසා.

පසුව මම ලංකාබැංකුව සමඟ කතා කරලා කෝටි 03ක ණය මුදලක් ඉල්ලූම් කළා. එතැනදීත් බොහෝ පිරිස් කීවේ මම කෝටි 08ක ණය මුදලක් අරගෙන තිබෙන බවයි. මේ ණය මුදල ලබා ගන්න ඇපයට තබන්න දේපළක් අවශ්‍ය වුණා. එවිට තලවතුගොඩ සිටින මගේ සංගීත් නැමැති මිතුරා ඔහුට අයත් ඉඩමක් ඇපයට තැබීම සඳහා මට ලබාදුන්නා. ඒ අනුව 2018 ජනවාරි මාසයේ කෝටි 03ක ණය මුදල අරගෙන මම 2018 මාර්තු මාසයේ සිට මේ ව්‍යාපාරය ආරම්භ කළා.

දැන් කවුරුත් පාලූ ගෙවල්වල වලං බිඳින්න ඕනේ නැහැ. මේ ණය මුදල ගත්තු ලංකා බැංකුවේ පාර්ලිමේන්තු සංකීර්ණ ශාඛාවට ගිහින් නිරෝෂන් පේ‍්‍රමරත්න ගත්තු ණය මුදල කීයද? ඇප කරය හැටියට තැබුවේ කුමක්ද? මාසයකට ගෙවන ණය මුදල කීයද? ආදී ප‍්‍රශ්න සියල්ලටම උත්තර ලබා ගැනීමට ඕනෑම කෙනෙකුට පුළුවන් යැයි ඔහු පැවසිය.


News Articles
Latest Videos
Most Popular Post