News Line| Off Air| Games
Generic placeholder image

Jul
23

පගාව ගත් සැරයන්වරයෙකුට වසර 4ක සිරදඬුවමක්

326 Views


පගාව ගත් සැරයන්වරයෙකුට වසර 4ක සිරදඬුවමක්

අල්ලස් චෝදනා සම්බන්ධයෙන් වරදකරු වූ පොලිස් සැරයන් වරයෙකුට වසර 16ක සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණය එම සිරදඬුවම වසර හතරකින් ගෙවිය යුතු බව නියම කළා.

ඊට අමතරව විත්තිකරුට රුපියල් විසි දහසක දඩයක් නියම කරන බවද තීන්දුව දුන් කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා සිය නියෝගයේ සඳහන් කර තිබෙනවා.

නීති විරෝධී මත්පැන් පෙරීමේ කටයුතු වල නිරතව සිටි පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීම සඳහා කහවත්ත පොලිසියේ සේවය කළ විත්තිකාර හිටපු පොලිස් සැරයන්වරයා රුපියල් 15000 ක අල්ලසක් ඉල්ලා ඇති අතර එම මුදල ලබා ගත් අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මෙම විත්තිකරු අත්අඩංගුව ගනු ලැබූවා.

පසුව අල්ලස් කොමිසම විසින් මොහුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබු අතර දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ විත්තිකරුට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post