News Line| Off Air| Games
Generic placeholder image

Feb
24

පළාත් කීපයකට අද වැසි

570 Views


පළාත් කීපයකට අද වැසි

නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට, මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පසුව ස්ථාන කීපයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.

උතුරු මැද, වයඹ, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වලත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 40 දක්වා වැඩි විය හැකියි.

ගිඟුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ද ඇති වෙයි.


News Articles
Latest Videos
Most Popular Post