News Line| Off Air| Games
Generic placeholder image

Sep
20

පාපන්දු තරග නැරඹීම සඳහා ඉරාන කාන්තාවන්ට ක්‍රීඩාංගණයට පැමිණීමට අවසර

444 Views


පාපන්දු තරග නැරඹීම සඳහා ඉරාන කාන්තාවන්ට ක්‍රීඩාංගණයට පැමිණීමට අවසර

පාපන්දු තරග නැරඹීම සඳහා ඉරාන කාන්තාවන්ට ක්‍රීඩාංගණයට පැමිණීමට අවසර දෙන ලෙස පාපන්දු සම්මේලනයේ සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ එරට පාපන්දු සම්මේලනයට දැනුම්දී තිබෙනවා.

1979 වසරේ ඇතිවු ඉස්ලාම් කැරැල්ලෙන් පසු මෙම තහනම ඉරාන කාන්තා ක්‍රීඩාලෝලීන්ට පැනවූවා.

ඉරාන ක්‍රීඩකයන් තරග වදින අවස්ථාවලදී එරට කාන්තාවන්ට තරග නැරඹීමට ක්‍රීඩාංගණය වෙත පැමිණීම 1979 වසරේදී තහනමක් කර තිබෙනවා.

එම නිසා පාපන්දු සම්මේලනයේ සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ නිවේදනයක් නිකුත් කරමින් ඉරාන කාන්තාවන්ට පාපන්දු තරග නැරඹීම සඳහා අවස්ථාව ලබාදෙන බව සදහන් කළා.

ඉරානය ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරග 5කට තේරීපත්ව තිබෙනවා.

2022 වසරේ ලෝක කුසලාන පාපන්දු තරගාවලියට තේරී පත්වීම වෙනුවෙන් ඉරාන කණ්ඩායම සිය මව් රටේදී ඔක්තෝම්බර් 10 වැනිදා ක්‍රීඩා කිරීමට නියමිතයි.

එම නිසා පාපන්දු සම්මේලනයේ සභාපති නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එම තරගයේදී හෝ මෙම නීතිය වෙනස්වනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බවයි.


News Articles
Latest Videos
Most Popular Post