News Line| Off Air| Games
Generic placeholder image

Sep
20

පාස්කු ඉරිදා තේරීම් කාරක සභාවේ අවසන් වාර්තාව ඔක්තෝම්බර් අවසානයේ

396 Views


පාස්කු ඉරිදා තේරීම් කාරක සභාවේ අවසන් වාර්තාව ඔක්තෝම්බර් අවසානයේ

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ විශේෂ තේරීම් කාරක සභාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් පැය දෙක හමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගත් බව එහි සභාපති කථානායක ආනන්ද කුමාරසිරි සදහන් කළා.

ලබන 24 වන දා විශේෂ තේරීම් කාරක සභාව පාර්ලිමේන්තුවේදී යළි රැස්වීමට නියමිත අතර එහිදී අවසන් වාර්තාව පිළියෙල කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙනු ඇති.

එමෙන්ම, පාස්කු ප්‍රහාරය පිළිබදව සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටු වාර්තාවේ නිර්දේශද අදාළ අවසන් වාර්තාවට ඇතුළත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවසර ලබාදුන් බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි වැඩිදුරටත් කියා සිටියා.

ඒ අනුව පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලූ තේරීම් කමිටුවේ අවසන් වාර්තාව ඔක්තෝම්බර් මස පළමු හෝ දෙවන පාර්ලිමේන්තු සතියේදී භාෂා ත්‍රිත්වයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post