News Line| Off Air| Games
Generic placeholder image

Jul
23

පාස්කු ප්‍රහාරකයින් ගැන තොරතුරු දුන් ලොරි රථ හිමිකරුට ලක්ෂ 50 ක මුදල් ත්‍යාගයක්

766 Views


පාස්කු ප්‍රහාරකයින් ගැන තොරතුරු දුන් ලොරි රථ හිමිකරුට ලක්ෂ 50 ක මුදල් ත්‍යාගයක්

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ වූ ත්‍රස්තවාදීන්ගේ භාණ්ඩ, ලොරි රථයකින් මීගමුව – කටුවාපිටියේ සිට සයින්දමරුදු ප්‍රදේශයට රැගෙන යාම සම්බන්ධයෙන් තොරතුරු ලබාදුන් ලොරි රථයේ හිමිකරුට රුපියල් ලක්ෂ 50 ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න තීරණය කර තිබෙනවා.

තොරතුරු ලබාදීමෙන් පසු ඔහු ආර්ථික අපහසුතා වලට මුහුන දී ඇති අතර මේ වනවිට අදාළ කුලී රථ සේවා සපයන ආයතනයෙන් ඉවත්ව සිටින තමන්ට ලොරි රථයේ කල්බදු වාරිකද ගෙවාගැනීමට නොහැකිව සිටින බව ඔහු සදහන් කළා.

මොහු ලබාදුන් තොරතුරුවලට අනුව ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු විමර්ශනය කරමින් සිටි ආරක්ෂක අංශ, ත්‍රස්තවාදීන් භාවිත කළ උපකරණ තොගයක් සයින්දමරුදු ප්‍රදේශයේ නිවසක තිබී සොයාගනු ලැබුවා.

එක් තොරතුරකට ලක්ෂ 25 බැගින් තොරතුරු දෙකක් සපයා දුන් මෙම පුද්ගලයාට ලක්ෂ 50 ක ත්‍යාග මුදල ලබාදීමට වැඩබලන පොලිස්පතිවරයා තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post