News Line| Off Air| Games
Generic placeholder image

Oct
23

පාස්කු ප්‍රහාරය සම්බන්ධව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ ප්‍රධාන නිර්දේශ 08 ක්

1418 Views


පාස්කු ප්‍රහාරය සම්බන්ධව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ ප්‍රධාන නිර්දේශ 08 ක්

අප්‍රේල් 21 වනදා මෙරට තුල සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ කරුණු සෙවීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ අවසන් වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

කාරක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා එම වාර්තාව සභාවට ඉදිරිපත් කරනු ලැබුවා.

එම වාර්තාවේ අන්තර්ගත ප්‍රධාන නිර්දේශ සංඛ්‍යාව 08 ක් වනවා.

ප්‍රහාරයක් එල්ල විය හැකි බවට සිදු කර තිබූ පූර්ව අනතුරු ඇගවීම් පිළිබද කාදිලන්තුමාට දැනුම් දී තිබුනේ නම් ප්‍රහාරයේ හානිය අවම මට්ටමක පවත්වා ගැනිමේ හැකියාවක් පැවති බව කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී කියා සිටියා.

මෙම අවස්ථාවට කාරක සභාවේ සාමාජික අමාත්‍ය රවුෆ් එකීම් මහතාද එක්වූ අතර සහරාන් හෂිම් සමග සබදතා පැවැත්වු බවට තමාට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව එහිදී ඔහු කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post