News Line| Off Air| Games
Generic placeholder image

Oct
21

පාස්කු ප්‍රහාරය සම්බන්ධ නිර්දේශ වාර්තාව ලබන 23 පාර්ලිමෙන්තුවට

604 Views


පාස්කු ප්‍රහාරය සම්බන්ධ නිර්දේශ වාර්තාව ලබන 23 පාර්ලිමෙන්තුවට

නැවත වරක් පාස්කු ඉරිදා සිදුවීම හා සමාන සිදුවීමක් ඇති නොවීමට ගත යුතු පියවර සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ලබන 23 වෙනිදා ඉදිරිපත් කිරීමට 2019 අප්‍රේල් 21 වෙනිදා ශ්‍රී ලංකාවේ විවිධ ස්ථාන වල සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳව සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව කටයුතු යොදා ඇති බව එහි සභාපති ආනන්ද කුමාරසිරි මහතා පැවසුවා.

පිටු 200 කින් පමණ සමන්විත එම වාර්තාව සකස් කිරීමේ කටයුතු මේ වන විට අවසන් කෙරෙමින් තිබෙන බව නියෝජ්‍ය කථානායකවරයා සදහන් කළා.

මෙම වාර්තාව සම්බන්ධව පළවන ඇතැම් වාර්තා නිවැරදි නොවන බව පැවසූ ආනන්ද කුමාරසිරි මහතා විශේෂ කාරක සභාව පත් කරනු ලැබුවේ කිසිවෙකු හෝ වරදකරු කිරීමට නොවන බව කියා සිටියා.

“මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වැරදිකරුවන් නිර්දේශ කිරීමට පාර්ලිමේන්තුවට හැකියාවක් නැහැ. ඒ බලය තියෙන්නේ උසාවියට. විශේෂ කාරක සභාවට පැවරුණු කාර්යභාරය වූයේ අතපසුවීම්, අඩුපාඩු හා දුර්වලතා සිදුවූයේ කොතැනදැයි සොයා බැලීම” යැයිද ඔහු පැවසුවා.

නැගෙනහිර පළාත තුළ මෙවැනි පසුබිමක් නිර්මාණයවීම, එම තොරතුරු නිසිලෙස වාර්තා නොවීම, ආරක්ෂක අංශ අතර සම්බන්ධිකරණයක් සිදු නොවීම, බුද්ධි සේවාවලින් ලැබුණු තොරතුරු නිසි ඇගයීමකට ලක් නොවීම වැනි කරුණු මෙහිදී සොයාබැලූ බවද කුමාරසිරි මහතා පැවසුවා.

එලෙස හඳුනාගත් අඩුපාඩු මෙන්ම ඉදිරියේදී එවැනි සිදුවීමක් ඇති නොවීමට ගත යුතු පියවරද වාර්තාව මගින් නිර්දේශ කරනු ලබන බවද නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා තවදුරටත් ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post