News Line| Off Air| Games
Generic placeholder image

Jun
15

පොසොන් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මකයි

528 Views


පොසොන් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මකයි

පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා මේ වන විට ක්‍රියාත්මක වනවා.

ඒ අනුව රජරට කොළඹ, මහනුවර සහ ගම්පහ මෙන්ම වයඹ ප්‍රදේශ ආවරණ වන පරිදි ලංගම බස්රථ 600 ක් යෙදවීමට සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම අනුරාධපුරය සහ මිහින්තලය අතර විශේෂ දුම්රිය සේවාවන් ක්‍රියාත්මක බවත් කොටුව – අනුරාධපුරය, මහව – අනුරාධපුරය හා අනුරාධපුරය – බෙලිඅත්ත යන ගමනාන්ත වෙතද විශේෂ දුම්රිය සේවා යෙදවීමට පියවර ගන්නා බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.

පොසොන් පොහෝ දිනය වෙනුවෙන් අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක වන අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසුවේ ඒ වෙනුවෙන් 4500 කට ආසන්න පොලිස් බලඇනියක් යොදවා ඇති බවයි.

එමෙන්ම පොසොන් උත්සවය වෙනුවෙන් අද සහ හෙට යන දෙදින තුළ සියලුම මත්පැන් අලෙවිසැල් වසා දමන්නැයි සුරාබදු දෙපාර්තමේන්තුව නියෝග කර අති බවත් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ඇති සියලු සුරාසැල් ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලබන 19 වනදා දක්වා වසා තැබීමට නියෝග කර ඇති බවත් වැඩිදුරටත් සදහන්.


News Articles
Latest Videos
Most Popular Post