News Line| Off Air| Games
Generic placeholder image

Jan
22

බොලිවුඩ් තරු රහස්

426 Views


බොලිවුඩ් තරු රහස්

අමීර්ගේ සැඟවුණු පෙම්වතිය

අමීර් ඛාන් මේ වනවිට විවාහ වෙලා ඉන්නේ කිරන් රාස් සමඟයි. එය ඔහුගේ දෙවැනි විවාහයයි. මේ දේ කවුරුත් දන්න කාරණයක්. ඒ වුණත් ඔහු බි්‍රතාන්‍ය ජාතික මාධ්‍යවේදිනියක වූ Jessica Hines සමඟ පෙම් සබඳතාවක් තිබූ බව හා ඇයට අමීර්ගෙන් දරුවෙක් සිටින බව නම් බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ජෙසිකාට අමීර්ව හමුවන්නේ වික්‍රම් බාත්ගේ Ghulam චිත්‍රපටයේ රූගත කිරීම් සිදු කරන අතරතුරයි. සම්මුඛ සාකච්ඡාවකදී මේ ගැන ජෙසිකාගෙන් විමසූ විට ඇය පළකර තිබුණේ මෙවැනි අදහසක්. ”මම පුතා ලොකු වුණාම එයාට කියනවා එයාගේ තාත්තා එයාව පිළිගන්න කැමැති වුණේ නැහැ කියලා.

අවුරුදු 15දී රන්බීර්ට සිදුවූ දේ

ජීවිතේ ගොඩක් දේවල්වලට සැහැල්ලුවෙන් මුහුණදෙන රන්බීර් ඔහුගේ අතිශය පෞද්ගලික දේවල් වුණත් මාධ්‍ය ඉදිරියේ කියන්න පැකිළෙන්නේ නැහැ. වයස අවුරුදු 15දී ඔහුගේ කුමර බඹසර ඔහුට අහිමි වුණු බවත් එක් අවස්ථාවක ඔහු මාධ්‍ය සාකච්ඡාවකදී කියා තිබුණා. ඒ වගේම ඔහු කාලයක් මත්ද්‍රව්‍යවලටත් ඇබ්බැහිව සිටි අයෙක්.

රිතික්ට මනෝ වෛද්‍යවරයකුගේ සහාය

රිතික් රෝෂන් සිනමාවට පිවිසෙන්නෙත් සුසෑන් ඛාන් සමඟ විවාහ වීමෙන් අනතුරුවයි. 2000 වසරේදී විවාහ වුණු මේ යුවළ 2014 වසරේදී දික්කසාද වෙන්නේ කවුරුත් නොසිතූ විදියට. කොහොම වුණත් මේ සිදුවීම නිසා දැඩි මානසික කම්පනයකට මුහුණ පෑ රිතික් ඔහුගේ පෞද්ගලික ජීවිතය හා රංගන කටයුතු සමබර කර ගන්නට මනෝ වෛද්‍යවරයකුගේ සහායත් ලබා ගත්තා. රිතික් ඒ වෙනුවෙන් ඔහුට විශාල මුදලක් ගෙවූ බව තමයි ආරංචි වෙන්නේ.

ගෝවින්ද හා රාණිගේ පෙම් සබඳතාව

ගෝවින්ද බොලිවුඩයේ අති සාර්ථක නළුවෙක්. ඔහු ඉතා ජනප්‍රියව රංගනයේ යෙදුණු 90 දශකයේදී රාණි රංගනයට පිවිසෙන්නේ නවක නිළියක් ලෙසයි. Hadh kar Di Aapne චිත්‍රපටයේ මේ දෙදෙනාම එකට රංගනයේ යෙදෙන කාලයේ මොවුන් අතර පෙම් සබඳතාවක් ඇති වෙනවා.
ඒ වෙනකොටත් ගෝවින්ද විවාහකයෙක්. කොහොම වුණත් රූගත කිරීම් අතරේ ගෝවින්ද හා රාණි අතර ඇති වුණු මේ සම්බන්ධය ගැන ක්‍ෂේත්‍රයේ අයත් කතා කළේ පුදුමයෙන්.

සල්මන්ගෙන් ජැක්ලීන්ට විශේෂ තෑග්ගක්

සල්මන්ගේ මුම්බායේ පිහිටි නිවෙසට අමතරව panvel වල ඔහුට ෆාම් හවුස් එකක්ද හිමි වෙනවා. නිදහස් වෙලාවට කාලය ගත කරන්න මේ ස්ථානයට යන සල්මන් එක් අවස්ථාවක ජැක්ලින් සමඟත් ෆාම් හවුස් එකට ගිහින් තිබුණා. ඒ විතරක් නෙවෙයි ජැක්ලීන්ට සල්මන් කෝටි 3ක් පමණ වන තට්ටු නිවෙසක් තෑග්ගක් විදියට දීලා තියෙන්නේ ජැක්ලින් ඔහුට ගොඩක් විශේෂ කෙනෙක් වෙන නිසා කියලා තමයි හැමෝම කියන්නේ.

රන්වීර් සිංට සහාය අධ්‍යක්‍ෂවරයෙක්ගෙන් අයුතු යෝජනා

කඩවසම්, නවක බොලිවුඩ් නළුවන් රසිකාවියන්ගේ සිහින කුමාරයන් බවට පත්වුණේ එක රැයින්, ඒත් මේ ආරංචිය නම් රසිකාවියක් ගැන නෙවෙයි. රන්වීර්ට කැමැත්තෙන් හිටිය සහාය අධ්‍යක්‍ෂවරයෙක් ගැනයි. කොහොම වුණත් රන්වීර් මේ යෝජනාව ප්‍රතික්‍ෂේප කළ නිසා ඔහු දැඩි සිත් වේදනාවකින් සිටි බව රන්වීර් වරක් මාධ්‍යටත් කියා සිටියා.

රාජ් කුන්ද්‍රාගේ විවාහය දෙදරන්නට හේතු වූ ශිල්පා

ඉන්දියාවේ ධනවත් ව්‍යාපාරිකයෙක් වන රාජ් කුන්ද්‍රා මේ වනවිට විවාහ වී සිටින්නේ සුරූපී නිළි ශිල්පා හෙට්ටි සමගයි. රාජ් මීට පෙර විවාහ වී සිටි අයෙක්. රාජ්ගේ පළමු විවාහයේ බිරිය හා විරසක වෙන්නට ශිල්පා හේතු වූ බවට කතාවකුත් ඒ කාලවකවානුවේ පැතිරුණා. කොහොම වුණත් රාජ් ශිල්පාව ඇසුරු කරන්න පටන් ගත්ත මුල් කාලෙම ඔහුගේ පළමු බිරිය හා දික්කසාද වෙන්නත් තීරණය කරලා. ඒ වුණත් රාජ්ගේ පවුල බිඳ වැටෙන්න ශිල්පා හේතු වූ බවට පැතිරුණු කටකතා නිසා ශිල්පා වගේම ඇයගේ මවුපියනුත් ගොඩක් අපහසුතාවට පත්වෙලා.

ආදිත්‍ය පන්චෝලි හා ආද්යායන් කන්ගනාගේ පෙම් දැලේ

හින්දි සිනමා නළු ආදිත්‍ය පන්චෝලි වරක් ඔහු සහභාගි වූ සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේ කන්ගනා ඔහු හා Adhyayan suman සමඟත් එකම කාලයේදී පෙම් සබඳතා පැවැත්වූ බවයි. ඇය ඔහුගෙන් විටින් විට මුදල් ඉල්ලා සිටි බවත් පැවැසුවා. කන්ගනා නිතර දුරකථනයෙන් අමතා ආදිත්‍යව ඇගේ වසඟයට ගත්තත් ඇය ඒ වන විටත් Adhyayan සමඟ සබඳතා පවත්වන බව දැනගත් ආදිත්‍ය වරක් ඇයට පහරදී තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post