News Line| Off Air| Games
Generic placeholder image

Feb
16

මන්නාරම සමූහ මිනී වලේ කාබන් කාල නිර්ණ වාර්තාව ලැබෙයි

754 Views


මන්නාරම සමූහ මිනී වලේ කාබන් කාල නිර්ණ වාර්තාව ලැබෙයි

මන්නාරම සමූහ මිනීවලේ අස්ථි සාම්පල පහක කාබන් කාල නර්ණ වාර්තාව සිකුරාදා (15දා) රාත්‍රී ලැබුණු බව මන්නාරම අධිකරණ විශේෂඥ වෛද්‍ය සමින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනු ලැබුවා.

එමෙන්ම කාබන් කාල නිර්ණය වාර්තාව ලබන බදාදා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව ද තවත් අස්ථි සාම්පලයක කාල නිර්ණය වාර්තාව ලැබීමට නියමිත බවද රාජපක්ෂ මහතා පවසා සිටියේය.

මන්නාරම සමූහ මිනීවල සම්බන්ධ පරීක්ෂණයේ ප්‍රධාන විමර්ශකයා වන්නේ අධිකරණ වෛද්‍ය විශේෂඥ සමින්ද රාජපක්ෂ මහතා වන අතර ඒ මහතාට අන්තර්ජාලය හරහා ලැබුණු තොරතුරු අධිකරණයට ද ලැබීමට නියමිතය.

කෙසේ නමුත් මන්නාරම සමූහ මිනීවලේ මෑතක අස්ථි කොටස් ඇතැයි කාබන් පරීක්ෂාවේදී තහවුරු වුවහොත් අතුරුදන්වූවන් ඥාතීන් ඩී.එන්.ඒ. පරීක්ෂාවකට ලක් කර සසඳා බැලීමක් සිදු කිරීමට සිදු වනු ඇතැයි අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පවසා සිටියි.

ඒ සියල්ල තීරණය වන්නේ කාබන් කාලනිර්ණය පරීක්ෂණයෙන් වාර්තාව සැකසීමෙන් පසු මෙහි ප‍්‍රධාන විමර්ශකයා වන මන්නාරම අධිකරණ වෛද්‍ය විශේෂඥ සමින්ද රාජපක්ෂ මහතා පූර්ණ වාර්තාවක් මහේස්ත‍්‍රාත්වරයා වෙත ලබාදීමෙන් පසුව යැයි ද ඒ මහතා කීවේය.


News Articles
Latest Videos
Most Popular Post