News Line| Off Air| Games
Generic placeholder image

Nov
5

මම දැන් ප‍්‍රසිද්ධයි – මාව අල්ලන්න එපා – රනූ මොන්ඩාල් රසිකයන්ට කියයි

18057 Views


මම දැන් ප‍්‍රසිද්ධයි – මාව අල්ලන්න එපා – රනූ මොන්ඩාල් රසිකයන්ට කියයි

පසුගිය දිනවල අන්තර්ජාලය තුළ බොහෝ කතා බහට ලක් වූ ජනපි‍්‍රය කාන්තාවක් වූ රනූ මොන්ඩාල් නැවත කතා බහට ලක් වන චරිතයක් බවට පත්ව තිබෙනවා.

නමුත් මේ දිනවල ඇය පිලිබද ඇති කතා බහ හොද ආකාරයෙක් සිදු නොවන්නක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.


දුම්රිය ස්ථාන වල ගීත ගායනා කරමින් සිටි ඇගේ ගායනය වීඩියෝවක් මගින් සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහැරීමත් සමග ඇගේ ජීවිතය උඩු යටිකුරු වී සමාජය තුළ ජනපි‍්‍රය චරිතයක් බවට ඇය පත්වුණා.


ඇය වෙළදසැලක සිටින අවස්ථාවකදී ඇය සමග සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටින ලෙස ආරාධනා කරන කාන්තාවකට ඇයව අල්ලන්න එපා කියමින් එම ආරාධනය ප‍්‍රතික්‍ෂේප කරන වීඩියෝවක් ට්විටර් ඔස්සේ හුවමාරුවෙන අතර ඇය එසේ නිහතමානි නොවීම පිලිබද අමනාප වන බවද විචාරකයින් පවසනවා.


එමෙන්ම මෙම වීඩියෝව සමග එක් විචාරකයෙකු ඇය පිලිබද මෙලෙස අදහස් පල කර තිබෙනවා.
“අපි ඇයව කීර්තිමත් පුද්ගලයෙකු බවට පත්කළ අතර දැන් ඇගේ ආකල්පය දකිමු”

වීඩියෝව පහතින්

https://twitter.com/i/status/1191691795068940288


News Articles
Latest Videos
Most Popular Post