News Line| Off Air| Games
Generic placeholder image

Sep
20

මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක්

712 Views


මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක්

දිස්ත‍්‍රික් තේරීම් භාර නිලධාරීවරුන් / නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අද මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා තිබෙනවා.
එම කොමිසම සඳහන් කළේ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා කැඳවීම සිදු කර ඇති බවයි.
එළඹෙන ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡුන්ද සහ අනෙකුත් කටයුතු පිළිබඳ ඉදිරි දින කිහිපය තුළ ප‍්‍රකාශයට පත් කිරීමට නියමිත බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

ලබන නොවැම්බර් මස 16 වැනි දා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා 2018 ඡුන්ද හිමි නාම ලේඛනය යොදා ගැනීමට තීරණය කර තිබෙනවා.මෙවර ජනාධිපතිවරය වෙනුවෙන් සුදුසුකම් ලබා ඇති ඡුන්ද දායකයින් සංඛ්‍යාව එක්කෝටි පනස් නව ලක්ෂ අනු දෙදහස් අනුහයක්. ජනාධිපතිවරණයේ නාමයෝජනා කැඳවීම ලබන මස 07 වනදා පෙරවරු 09 සිට පෙරවරු 11 00 දක්වා සිදු කිරීමට නියමිතයි.
ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කිරීමේ කාල සීමාව ඊයේ සිට ආරම්භ වුණා.ඊයේ අපෙක්ෂකයින් දෙදෙනෙකු ඇප මුදල් තැන්පත් කළා
මෙලෙස ඇප මුදල් තැන්පත් කලේ ජයන්ත කැටගොඩ හා එස් අමරසිංහ යන මහත්වරුන්.

ලබන මස 06 වනදා දහවල් 12 00 දක්වා ඒ සඳහා අවස්ථාව ලබාදී ඇති බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 18 දෙනෙකු ඉදිරිපත් වන බව මේ වන විට දැනුම් දී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.මෙවර ජනාධිපතිවරණයට දින ප‍්‍රකාශ කිරීමත් සමග මැතිවරණ නීතිය ක‍්‍රියාත්මක කිරීමේ බලය මැතිවරණ කොමිසමට හිමි වුණා.


News Articles
Latest Videos
Most Popular Post