News Line| Off Air| Games
Generic placeholder image

Nov
15

මැතිවරණ රාජකාරී සඳහා පැමිණි නිලධාරීන් 51 ක් ආහාර විෂවීමක් හේතුවෙන් රෝහල් ගතකෙරේ

650 Views


මැතිවරණ රාජකාරී සඳහා පැමිණි නිලධාරීන් 51 ක් ආහාර විෂවීමක් හේතුවෙන් රෝහල් ගතකෙරේ

ආහාර විෂවීමක් හේතුවෙන් මැතිවරණ රාජකාරී සඳහා පැමිණි නිලධාරීන් 51 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කොළඹ රාජකීය විද්‍යාලයේ මැතිවරණ රාජකාරී සඳහා පැමිණි නිලධාරීන් පිරිසක් මෙලෙස රෝහල්ගත කර ඇති බව පොලීසිය පැවසුවා.

දහවල් ආහාරය ලබාගැනීමෙන් අනතුරුව උදර වේදනාව හා වමනය යන රෝගී තත්වයන් මතුවීම හේතුවෙන් ඔවුන් රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බව සදහන්.

රෝහල් ගත කළ පිරිස අතර මැතිවරණ රාජකාරී සඳහා පැමිණි නිලධාරීනියන් මෙන්ම සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන්ද වන බව වාර්තා වනවා.


News Articles
Latest Videos
Most Popular Post