News Line| Off Air| Games
Generic placeholder image

Jun
26

යුධ හමුදාපති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙයි

574 Views


යුධ හමුදාපති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙයි

මේ වන විට ත්‍රස්තවාදය අවසන් වූ බවට කිසිම පුද්ගලයෙකුට ප්‍රායෝගිවකව ප්‍රකාශ කිරීමේ හැකියාවක් නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසනවා.

ඒ මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් මේ බව සඳහන් කළා.

එමෙන්ම මෙම ත්‍රස්තවාදය ජාත්‍යන්තර ත්‍රස්තවාදයක් බවත් මේ වෙලාවේදී අප සටන් කරනු ලබන්නේ නොදැකපු සතුරෙක් සමඟ බවත් යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසුවා.
මෙම ත්‍රස්තවාදය වර්ධනය වීමේ තත්ත්වයක් ඉදුරාම පෙනෙන්නට නොමැති බවත් ත්‍රිවිධ හමුදාව සහ බුද්ධි අංශය එක්ව ත්‍රස්තවාදය වර්ධනයවීම වැලැක්වීමට තවදුරටත් කටයුතු කරන බවත් යුද හමුදාපති ප්‍රකශ කළා.

පසුගිදා හදිසි නීතිය තවත් මාස එකහමාරකින් දිර්ඝ කිරීමෙන් මෙම ත්‍රස්තවාදය වැලැක්වීම සඳහා තවදුරටත් ක්‍රියාකරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා වැඩිදුරටත් සදහන් කර සිටියා.


News Articles
Latest Videos
Most Popular Post