ලෝක කුසලාන තරගාවලිය අද ආරම්භ වනවා. 9 වන රග්බි ලෝක කුසලාන තරගාවලිය අද ආරම්භ වන්නේ ජපානයේ ටෝකියෝ හිදීයි.
ලොවපුරා මහද්වීප නියෝජනයකරමින් කණ්ඩායම් 20 ක් මෙවර තරගාවලියට සුදුසුකම් ලබා සිටිනවා. ආසියාව නියෝජනය කරමින් තරගවදින එකම කණ්ඩායම බවට පත්ව ඇත්තේ සත්කාරක ජපාන කණ්ඩායමයි.
තරගාවලියේ සමාරම්භය සටහන් කරමින් පළමු තරගය පැවැත්වෙන්නේ සත්කාරක ජපානය සහ රුසියාව අතරයි. අන්තර්ජාතික රග්බි ශ්‍රේණිගතකිරීම්වල අයර්ලන්තය පෙරමුණ ගෙන සිටින අතර නවසීලනත්ය දෙවන තැන ගෙන සිටිනවා.
මේ අතර ආරක්ෂිත තත්වය තහවුරු කිරීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පකිස්ථාන තරග සංචාරයේ නිරත වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළා.ශ්‍රි ලංකා කණ්ඩායම ලබන 24 වනදා පකිස්ථානය බලා පිටත්ව යාමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ. වසර 10 කට පසු ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්ථානනයේ සංචාරයක නිරතවන්නේ එක්දින තරග 3 ක් සහ 20යි 20 තරග තුනක් සදහායි. දෙරට අතර ටෙස්ට් තරගාවලිය පැවැත්වෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තහවුරු කර නැහැ.
එක්දින තරගයේ නායකත්වයට ලහිරු තිරිමාන්න නම් කර ඇති අතර 20 යි 20 තරගයේ නායකත්වය නම් කර ඇත්තේ දසුන් ශානකයි.මේ අතර වයස 18 න් පහළ සාෆ් පාපන්දු තරගාවලිය අද කත්මන්ඩු නුවරදී ආරම්භ වනවා. ශ්‍රි ලංකාව ඒ කාණ්ඩය යටතේ තරගවදින අතර ඊට බංග්ලාදේශය හා ඉන්දියාව යන කණ්ඩායම් ඇතුලත්.