පුපුරණ ද්‍රව්‍යා ඇති බවට සැක පල කරමින් රට පුරාම සෝදිසි මෙහෙයුම් දියත් කරමින් සෙවූ ලොරි රථය මීට සුළු මොහොතකට පෙර කොටහේන පොලීසිය සිය භාරයට ගෙන තිබෙනවා. එම ලොරි රථයේ අංකය වනුයේ Wp DAF – 4197 අංකයයි. පොලිසිය පවසන ආකාරයට එම ලොරි රථය ලියාපදිංචි කර ඇත්තේ ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කල සහරා හෂ්මි නමටයි. කෙසේ නමුත් එම ලොරි රථයේ පුපුරණ ද්‍රවය තිබුණේද නැද්ද යන්න මෙතෙක් පොලිසිය ප්‍රකාශකර නැහැ.